Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඒකක 60 දක්වා ගාස්තුව වෙනස් නෑ - 180 දක්වාත් සහනයක්

සංශෝධිත විදුලි ගාස්තු වලට අනුව ඒකක 60 දක්වා විදුලි ගාස්තුවේ කිසිදු වෙනසක් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01) කොළඹ කැම්බල් පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමින් මේ බව කියා සිටියේය...

එසේම ඒකක 180 දක්වා වන විදුලි ගාස්තුව සඳහා ද යම්කිසි සහනයක් ලබාදෙන බවත් ජනතා ඉල්ලීම් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

ඒකක 180 ට සුළු වශයෙන් වැඩිවන විදුලි පාරිභෝගිකයන්ට ද සහන ලබාදීමට තීරණය කර ඇත.
විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 50 කට ආසන්නය. එයින් ලක්ෂ 23 ක් පමණ විදුලි ඒකක 60 කට අඩුවෙන් යොදා ගන්නා නිවෙස්  වේ.

එකක 60- 120 ත් අතර පරිභෝජනය කරන්නන් ගණන ලක්ෂ 16ක් පමණ වන අතර, එකක 120-180 ත් අතර පරිභෝජනය කරන්නන් ගණන ලක්ෂ 06කට ආසන්නය.

ඊයේ පැවති  නිදහස් සන්ධාන මැයිදින රැලියට දහස් ගණනක් ජනතාවක් ගෙන්වා ගෙන තිබිණ.





Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us