Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) සිව්දින නිල සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්වීමට නියමිතව තිබූ UL 1207 ශ්‍රී ලංකන් ගුවන් යානයේ එන්ජින් දෝෂයක් යානය පිටත්වීමට මොහොතකට පෙර හසුවී ඇතැයි වාර්තා වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කිසිදු බලධාරියෙන් නොදැන සිටි එම දෝෂය ජනාධිපති ආරක්ෂක අංශයේ සුපරික්ෂාවන් නිසා අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඒ හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.


ආරක්ෂක අංශයේ ප්‍රශ්ණ කිරීම් වලින් පසුව එම දෝෂ සහගත කොටස වෙනුවට වෙනත් යානයකින් කොටසක් මාරු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවයේ බලධාරීන් ගත් තීරණ‍ය ජනපති ආරක්ෂක අංශය හා රජයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ජනාධිපතිවර‍යාගේ ඩුබායි සංචාරය සදහා වෙනම ගුවන් යානයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට දන්වා ඇති අතර පැය කිහිපකය පමාවකින් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සංචාරය අරඹා ඇත.

මෙසේ ආරක්ෂක අංශය සොයාගන්නා තුරු ඉන්ධන ගෙන යන හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් තිබියදී ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවී සිටීම පිටුපස කිසියම් කඩකප්පල්කාරී ක්‍රියාවක් සිදුව ඇත්දැයි යන්න පිළිබදව ජනපති ආරක්ෂක අංශය ඒ මොහොතේ ම පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

ගුවනේදී ටර්බයිනයක් ක්‍රියාවිරහිත වූයේ නම් එය යානයේ සමබරතාවය ගිලිහීගොස් විනාශයට පත්වීමට ඉඩ තිබූ බව ගුවන් යානා යාන්ත්‍රික ඉංජිනේරුවෙක් පවසා ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us