Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජාතීන් අනුව රටක් බෙදිය නොහැකි බවත් මේ රටේ කිසිදු ජාතියකට හෝ කිසිදු ආගමිකයකුට මේ අපේ පළාත යැයි වෙනම ප‍්‍රදේශයක් නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ප‍්‍රතිස්සංකරණය කරන ලද බේරුවල, සීනාවත්ත ජුම්මා මස්ජීඞ් මුස්ලිම් පල්ලිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වෙමිනි.

වත්මන් ආණ්ඩුව රටේ ජාතික සහ ආගමික සහජීවනය ගොඩනැංවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා සිංහල, දෙමළ, මුස්ලිම් යනාදී වශයෙන් රටේ ජිවත්වන සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව බැඳී සිටින බවද ප්‍රකාශ කළේය.
එසේම සංවර්ධනයද එක ප‍්‍රදේශයකට සීමා කර නොමැති අතර සංවර්ධනයේ ප‍්‍රතිලාභ නැගෙනහිර, උතුර, බටහිර, දකුණ, කන්ද උඩරටටත් එක සමානව ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ රටේ සිංහල, මුස්ලිම් ජනතාව අතර අතීතයේ පටන් පැවතියේ දැඩි බැඳීමක් බව කී ජනාධිපතිතුමා එදා මුස්ලිම්වරු මේ රටේ සිංහල ජනතාවට සැළකුවේ තම වැඩිමහල් සොහොයුරා ලෙස බවත් එම බැඳීම් හා විශ්වාසයන් බිඳ දැමීම කිසිදු බලවේගයකට ඉඩ තැබිය නොහැකි බවද අවධාරණය කළේය .

අන්තවාදය සහ, ජාතිවාදය උපදින්නේ අනෙක් ජාතින්ට එරෙහිව බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා අප අන්තවාදය බැහැර කළ යුතු බවත් උපන් රටට ආදරය කරන එකම සහෝදර ජනතාවක් ලෙස සියලූදෙනා ජීවත්විය යුතු බවත් පැවසීය.

ඉස්ලාම් දහම අදහන බොහොමයක් රටවල් අද අපගේ අවංක මිතුරන් බවට පත්ව ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. ජීනිවා මානව හිමිකම් කොමිසමේදීද අපේ රටට සහය දුන්නේ අපේ අවංකකම ගැන එම රටවල් හොඳින්ම දන්නා නිසා බවද පැවසීය.

කිසිවෙකුට මේ රටේ නීතිය අතට ගැනීමට ඉඩ නොතබන බවද වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිතුමා එකම නීතියක්, එකම සංවර්ධනයක් ඔස්සේ මාතෘ භූමියේ උපන් සියලූ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවද අවධාරණය කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, රෝහිත අබේගුණවර්ධන, අබ්දුල් කාදර් යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us