Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මගෙ පුතාලටත් ලැම්බෝගිනි කිය කිය ගැහුවෙ
මං ගණං ගත්තද?

මෛත්‍රිපාල ඇමතිව ජනපති සනසවලා

ශ්‍රීලනිපය පසුගිය බදාදා පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් තිබුණි.

එම රැස්වීමට පක්ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන පැමිණ සිටියත් වෙනදා තරම් ප්‍රබෝධයකින් සිටින බවක් පෙනෙන්නට නොතිබිණ.හේ ඉතා කල්පනාකාරීව කණස්සලු බවින් යුතුව සිටිනු දුටු ජනාධිපතිවරයා ඔහුට මෙසේ කීවේය.
මෛත්‍රී... ඔය ප්‍රශ්න ඕනවට වඩා හිතට අරගන්න එපා. ඔයාට ඔය මාධ්‍යවලින් ප්‍රචාරය කරපු දේවල් ඔය තරම් හිතට කාවැදුණ නම් මට කොහොම වෙන්න ඕනද... මගේ දරුවන් තුන්දෙනාටම අද ගහනවා... මතකනෙ පහුගිය දවස්වල ලැම්බොගිනි කිය කිය ගැහුවා. ඉතින් මම ඕවට පැටලෙන්න ගියේ නැහැ. පැටළෙන්න ගියොත් තමයි අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැඛෙන්නෙ. මාධ්‍යයත් එක්ක ගනුදෙනු කරද්දී මාධ්‍ය තරහ කරගන්න හොඳ නැහැ

ඔව් සර්. මොකටද මාධ්‍ය තරහ කරගෙන. අද එක ආරංචියක් ගහනවා. ඒක රටට යනකොට තව ආරංචියක් ඇවිල්ල ඒක වැහිල යනවා. ඕක තමයි හැටි. ඕනම දෙයක් මිනිස්සුන්ට මතක තියෙන්නෙ දවස් දෙකයි. කවුරුවත් ඒක ගණන් ගත්තෙ නැත්නම් අමතක වෙලා යනවා. ඔච්චරයි... අනුර යාපා පැහැදිලි කළේය.

අනිත් එක මෛත්‍රී... මිනිස්සුව කොටවන්න අපේම මිනිස්සු මහ අමුතු දේවල් කියනවා. මේ මටත් කියනවනෙ... මේ ළගදී මට එක මන්ත්‍රී කෙනෙක් ටෙලිෆෝන් කරල කියනවා කුරුණෑගල පැත්තෙ මන්ත්‍රීවරු තුන් දෙනෙක් එකට එකතුවෙලා එක තැනක කුමන්ත්‍රණයක් කියලා. මම හොයල බැලුවා. මම එතනට මිනිහෙකුත් යෑව්වා. පට්ටපල් බොරු. තව දවසක් මට කිව්වා ටැලිෆෝන් කරලා අපේ එක්තරා ඇමැතිවරයෙක් පිටරට ගිහිල්ලා අපේ විරුද්ධවාදියෙක් එක්ක එහෙදී සෙට්වෙලා කුමන්ත්‍රණයක් කරනවා කියලා. ඒකත් හොයල බලනකොට බොරු. ඒ ඇමැති ඒ රට පළාතට ගිහිල්ලත් නැහැ. ඔය වගේ දේවල් මිනිස්සු කියන්නෙ කොටවන්න. ගණන් ගන්න එපා

ජනපතිවරයා මෛත්‍රීව සැනසුවේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us