Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ක්‍රීකට් ක්‍රීඩක අත්සන් වර්ජනය නිමයි-කළු පැල්ලමක් ඉතිරියි

ජ්‍යෙෂ්ඨයින් මසකට ලක්ෂ 40 වැටුපත්
කනිෂ්ඨයින් ලක්ෂ 20 වැටුපත් මදි කියලා

බිරියන්ට බිස්නස් ක්ලාස් ටිකට් දීල රට එක්ක යන්න ෆයිට් කරනවට වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විසඳාගන්න ප්‍රශ්න තියනවා
-අර්ජුන කියලා

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් සමඟ ඉදිරි වර්ෂය සදහා හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අත්සන් තැබිය යුතු නවගිවිසුමට අත්සන් තැබීමට නොහැකි බව පැවසීමක් සමඟ ඇතිවු අර්බුදය නිමා වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
අද පස්වරුවේ සනත් ජයසුරිය සමඟ ක‍්‍රිඩකයන් පැවැත්වු සාකච්චාවකින් අනතුරුව නව ගිවිසුම අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව හෙට දිනයේ අදාළ ගිවිසුමට අත්සන් තැබෙනු ඇති බව සඳහන්ය.

අදාළ ගිවිසුමේ ඇතැම් කොන්දේසි සමඟ එකඟවිය නොහැකි බැව් පවසමින් ක‍්‍රීඩකයන් මෙම ගිවිසුමට අත්සන් තැබීම කල්දැමිය යුතු බැව් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දැනුම් දී තිබිනි.

ක්‍රිකට් ගිවිසුමට ක්‍රීඩකයින් එකඟ වුණා සනත් ජයසූරිය...



පහතින් දැක්වෙන්නේ පැරණී  පුවත්ය  
------------------------------------------
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කිරීම අත්හරී...
ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් තවමත් පිළිතුරක් නැහැ...

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 60 කට ආසන්න පිරිසක් ගිවිසුම්ගත නොවීම පිළිබඳව අද වැඩි අවධානයක් යොමුවුණා.

මෙතෙක් ක‍්‍රීඩකයන් අත්සන් කර තිබූ ගිවිසුම අවසන් වුණේ පෙබරවාරි 28 වැනිදායි. ඒ අනුව ඊයේ දිනයේ නව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම කටයුතු නියමිත  අයුරින් සිදුවුණේ නැහැ.



------------------------------------------
රට වෙනුවෙන් ක‍්‍රීඩා කළ නොහැකි අය හෙළි කරන්න. අර්ජුන..
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ගිවිසුම් අත්සන් නොකිරීමේ තීරණය පිළිබඳව  ශි‍්‍රී ලංකාවට ක‍්‍රිකට් ලෝක කුසලානය රැගෙන ආ කණ්ඩායමේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩක අර්ජුන රණතුංග සමගින් සංවාදයකට එක්වුනා.


------------------------------------------
අර්බුදය විසඳීමට ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ක‍්‍රීඩකයන් කි‍්‍රකට් ආයතනයට කැඳවයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිය වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් නොකිරීම හේතුවෙන් උද්ගතව ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡුාවක් තව සුළු මොහොතකින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී, සනත් ජයසූරිය සහ ගිවිසුම් අත්සන් නොකළ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් අතරයි. අද (03) පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී සනත් ජයසූරිය.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් අතර පැවති ගිවිසුම පසුගිය 28 වැනිදායින් අවසන් වුණා. ඉදිරි වර්ෂය සඳහා නැවත ගිවිසුම අත්සන් කිරීමට ඊයේ (02) දිනය වනතෙක් කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබුණා. කෙසේ වෙතත්, ජාතික කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළු ක‍්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනතුරුත් එම වාර්ෂික ගිවිසුමට අත්සන් තබා නොමැති බව සඳහන්. නව ගිවිසුමට ක‍්‍රීඩකයන් තවත් කොන්දේසි ඉදිරිපත් කිරීම මීට හේතු වී තිබෙනවා.

නව ගිවිසුමට අනුව, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සිය වාර්ෂික ආදායමෙන් සියයට 67 ක ප‍්‍රතිශතයක් ක‍්‍රීඩකයන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ක‍්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ එය සමස්ථ ආදායමෙන් සියයට 78 ක ප‍්‍රතිශතයක් විය යුතු බවයි.

කි‍්‍රකට් ආයතනය විසින් තීරණය කර ඇති සියයට 67 ක මුදල ක‍්‍රීඩකයන්ට ලබා දුනහොත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකුට මසකට හිමිවන මුදල රුපියල් ලක්ෂ 40 කට ආසන්නයි. ඒ අනුව, දළ වශයෙන් වසරකදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 500 කට ආසන්න වන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ. එමෙන්ම කනිෂ්ඨ ක‍්‍රීඩකයෙකුට මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් නව ගිවිසුම අනුව හිමිවනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 250 ඉක්මවනු ඇති.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත‍්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳව මතය කුමක්දැයි තේරීම් කමිටු ප‍්‍රධානී සහ හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකු වශයෙන් සනත් ජයසූරියගෙන් විමසීමක් කළා.


මේ අතර, බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම සමග මාතර දී අද (03) ආරම්භ වුණු පුහුණු තරගය සඳහා නම් කර සිටි කුමාර සංගක්කාර කණ්ඩායමෙන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගනු ලැබුවා. ඒ සංගක්කාර මෙම වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් නොකිරීම හේතුවෙන්.

එමෙන්ම, යම් හෙයකින් අද (03) දිනය තුලදී කි‍්‍රකට් ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත් ගිවිසුමට අත්සන් කිරීමට එකගතාවය පළ නොකළහොත්, බංග්ලාදේශ තරගාවලිය සඳහා නවක කණ්ඩායමක් තෝරා ගැනීමට තමන් වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී සනත් ජයසූරිය තවදුරටත් සඳහන් කළා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 08 වැනිදා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

 sri lanka cricket

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us