
සුලෝහිත සංග්රාම ගැටුමේ ලේ හැළේ..
ආනන්ද හා නාලන්ද විද්යාල අතර එස්.එස්.සී ක්රීඩාංගණයේදී පැවැත්වෙන ක්රිකට් තරගය අතරතුර ඇති වු ගැටුම්කාරි තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
දහසක පමණ පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා එම තත්ත්වය පාලනය කර ගැනීමට කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පවසයි.
දෙපාර්ශවය අතර ඇති වු මෙම කලහාකාරී තත්ත්වය ඊයේ (03) දිගු වේලාවක් තිස්සේ තීබි ඇති අතර සවස් කාලය වන විට එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි පොලීසිය කියයි.
ඒ අනුව කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තත්ත්වය පාලනය කිරීමට සිදුවු බව ද පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පවසයි.
මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු පිරිස අතර ආදි ශිෂ්යයින් ද වන බව පොලීසිය පවසයි.




