Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාසෙට ලක්ෂ 120 ක් ලැබිලත් දරුවාට විසිදාහ ගෙවල නැතැයි ඩිල්ෂාන්ට අධිකරණයේ පෙනී සිටින්න නියෝග....

තමන්ගේ පළමු විවාහයෙන් වෙන්වීමෙන් අනතුරුව බිරියට හා පුතාට වන්දි ගෙවීම පැහැර හැරීම නිසා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික  තිලකරත්න ඩිල්ෂාන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නියෝග කොට තිබේ.

මාසිකව රුපියල් විසිදහසක වන්දි මුදල ගෙවීම පැහැරහැරීමත් වාර්ෂිකව ගෙවනු ලබන රක්ෂණ ආවාරණය වසර කීපයකින් ගෙවා නොමැතිවීමත් යන කාරණාවන් හේතුවෙන් ඩිල්ෂාන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත.
දැනට එම්.ඒ.එස් හෝල්ඩින්ග්ස් සමාගමේ සේවය කරනු ලබන ඩිල්ෂාන්ගේ මාසික වේතනය රුපියල් 1,50,000ක් වන බවත් ඔහු අයි.පී.එල් තරගාවලි සඳහා සහභාගිවීමෙන් මේ දක්වා රුපියල් මිලියන 300ක් උපයාගෙන ඇති බවත් වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මගින් වේතනය වශයෙන් රුපියල් මිලියන 12.6ක් ඔහුට ගෙවන බවද

පසුගිය ලෝක කුසලානයේ සහභාගිත්වය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක විශේෂ ගෙවීමක් ඔහුට ලැබී ඇති බවද මිලියන 18ක් ටී.20 ලෝක කුසලානය වෙනුවෙන් ගෙවා ඇති බවද එස්.එල්.පී.එල් තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන 6.2ක් ඔහුට ලැබී ඇතිබවත් පෙත්සම්කාර පාර්ශ්වය විසින් අධිකරණය දැනුම් දී ඇතැයි වාර්තාවෙයි.

මීට අමතරව තිලකරත්න ඩිල්ෂාන්ට රුපියල් මිලියන 250ක පමණ නිවාස වත්කම් තිබියදී මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර ඇතිබැවින් තමන්ට සිදුව ඇති අගතියට සාධාරණය ඉටුකරන්නැයි ඔහුගේ පළමු බිරිය වන නිලංකා විතානගේ අධිකරණයෙන් අයැද තිබේ.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us