Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

UPDATES 4 - 02.14 PM
අතිරේක මහේස්ත්‍රාත් තීරණය කරයි..

අද(5) දහවල් මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදු කළ දැනුම් දීම අනුව අතිරේක මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා නවලෝක රෝහලට ගොස් දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ අතර ඔහු පසුව දැනුම්දුන්නේ දුමින්ද සිල්වා ලබන 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කරන නමුත් ඔහුගේ තත්වය තවමත් අපහසු නිසා රෝහලේ නේවාසිකව සිටිමින් එම කාලය ගත කරන්නට නියම කරන බවයි.

මේ අනුව දුමින්ද සිල්වා නැවතී සිටින නවලෝක රෝහලට විශේෂ ආරක්ෂාවක්ද ලබාදී තිඛෙනවා.
ඔලූව හරහට පැලූම් ඉරක්..දුමින්ද ඉන්නෙ මෙහෙමලූ නීතිඥයින් ෆොටෝ පෙන්නලා...

අද දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුළත් කළත් මාධ්‍යවේදීන්ට ඔහු කිට්ටුවට යන්නට අවස්ථාවෙක් නොලැබුණ අතර ඔහුගේ නීතීඥයින් සැත්කම සිදු කළ ආකාරය හා ඔහු දැන් සිටින්නේ මෙහෙමයැයි කියමින් ලබාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත පෙන්නුම් කළේ නවලෝක රෝහල් පරීශ්‍රයේදීය.
 එම ඡායාරූපයේ ඔහුගේ හිසේ කොටසක විශාල පැලූමක රේඛාවක් ඇති බවද දක්නට ලැබුණා.

එම ඡායාරූපය විශාලනය කළ විට පහත පරිදිය


-----------------------------
UPDATES 3 - 01.24 PM
මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට

දවල් දුමින්දව  අත්අඩංගුවට ගත්තා රහස් පොලිසිය කියයි

අද උදේ 10.05 ට කොළඹ නවලෝක රෝහලේ 77/27 වාට්ටුවේ සිටියදී දුමින්ද සිල්වා තමන්ගේ අත්අඩංගුවට පත්වූ බව  මින් ටික වේලාවකට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී රහස් පොලිස් නිලධාරීන් විනිසුරුට දැන්වුවා.

කෙසේ වෙතත් ඔහුගේ රෝගී තත්වය තවමත් පවතින නිසා නවලෝක රෝහලේ දිගටම රැඳී සිටින බවද ඔවුන් දන්වා සිටි අතර ඔහු සිටින ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවන්නට කටයුතු කර තිඛෙනවා.
මේ අනුව දුමින්ද සිල්වා රක්ෂිත බන්ධාගාර ගත කරන්නට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව මහේස්ත්‍රාත්වරයා විමසා සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර බලා ඒ ගැන තීරණයක් ගන්නට මහේස්ත්‍රාත්වරයා නවලෝක රෝහලේ අංක 77/27 වාට්ටුවට අද දහවල් ගොස් තීරණය කරන බවද වාර්තා වුණා.

ඒ අනුව දුමින්ද සිල්වා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ හෝ පොලිස් අත්අඩංගුව යටතේ රෝහලේ සිට ඊළග නඩු වාරයට පෙනී සිටීමට නියමිතය.

මේ අතර අද මාධ්‍ය අමතා ප්‍රකාශයක් ලබාදුන් භාරත දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ දුමින්ද පැමිණීම ගැන සතුටුවන බවත් තමාගේ නියම සටන ඇරඹෙන්නේ අද සිට බවත්ය.


-----------------------------
UPDATES 2 - 10.15 AM
දුමින්ද සිල්වා නවලෝක රෝහලේ

අද උදෑසන 9.30ට භාරත ඝාතනය සම්බන්ධ නඩු විභාගය කොළඹදී විභාගයට ගැනුණ අවස්ථාවේ සැකකරුවෙකු ලෙස සාක්ෂි දීමට දුමින්ද සිල්වා පැමිණ ඇත්දැයි විනිසුරු ප්‍රශ්න කරා.

එම අවස්ථාවේ දුමින්ද වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කියා සිටියේ අද උදේ ලංකාවට පැමිණි දුමින්ද සිල්වා දිවයිනට පැමිණි පසුත් රෝගී තත්වය උත්සන්න වීමෙන්පුද්ගලික රෝහලකට ඇතුළුකර ඇති බැවින් අද නඩු විභාගයට ඔහුව රැගෙන ඒම විශ්වාස නැති බවයි.

නමුත් ඔහුගේ තත්වය සලකා ඔහුව දහවල් වනවිට උසාවියට රැගෙන ආ හැකි වනු ඇතැයි කී අතර ඔහුගේ තත්වය විමර්ශනයට රහස් පොලිස් නිලධාරීන් මේ වන විට යවා ඇතැයිද කියා සිටියා. ඒ අනුව අද දවසේම පසු වේලාවක නඩුව නැවත කැඳවන්නට නියම කරමින් විනිසුරු නඩු විභාගය පැය කිහිපයකට කල් දැමුවා.

ඔහු ඊළග වාරයට පැමිණේද නැද්ද තවම පැහැදිලි නැති අතර ඔහු රිමාන්ඩ් කිරීමට නියම කළත් ඔහු රෝගී තත්වය පෙන්වා රෝහලේම රැඳී සිටීමට ඉඩ ඇති බව ආරංචි හෙළි කරනවා.
වාර්තාවන ආකාරයට දුමින්ද සිල්වා දැන් ප්‍රතිකාර ලබන්නේ නවලෝක රෝහලේය.

-----------------------------
UPDATES 1 - 9.46 AM
දුමින්ද සිල්වා ශ‍්‍රී ලංකාවට පැමිණේ..
අද උදේ 1.29 ට දුමින්ද සිල්වා ලංකාවට ඇවිත්...

පසුගිය වසරේ මුල්ලේරියාවේදී සිදුවුනු භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අද අළුයම ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරුවේ සිට අද අලූයම 1.29 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 349 නමැති ගුවන් යානයෙන් ලංකාවට ඔහු පැමිණි බව ගුවන් තොටුපළ අධිකාරියද තහවුරු කලේය.

ඔහු ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපලට පැමිණ ඇත්තේ රෝද පුටුවක් ආධාරයෙන් වන අතර ඔහුගේ හිතවතුන් විසින් ඔහුව වාහනයකට නංවාගෙන පිටව ගොස් තිබේ...

අද භාරත ඝාතන නඩුව පවත්වන්නට නියමිත අතර චෝදනා පත්‍ර ගොනුකිරීම නිසා ඔහු අධිකරණයට පැමිණීමේ අවශ්‍යතාවයක්ද තිඛෙනවා. පසුගිය වාරයේ නඩුව විභාග වූ අවස්ථාවේ දුමින්දගේ නීතීඥයින් කියා සිටියේ ඊළග වාරයට දුමින්ද සහභාගී වනු ඇති බවයි. ----

Duminda Silva under custody

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us