
ලසිත් මාලිංගගේ ලොකු ලෙවල්...
ශ්රී ලංකා ක්රීකට් ඉතිහාසයේ කළු පැල්ලමක් ඉතිරියි කරමින් ක්රිකට් ක්රීඩකයින් 23 දෙනෙකු සිය වාර්ෂික කොන්ත්රාත්තුවට අත්සන් නොකළේ ජ්යෙෂ්ඨයින්ට මසකට ලක්ෂ 40 වැටුපත් කනිෂ්ඨයින් ලක්ෂ 20 වැටුපත් ප්රමාණවත් නැතැයි පවසමින් සහ මෙතෙක් කල් ක්රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට ලබාදුන් වසරකට වරක් ලබාදෙන විදේශ සංචාරය (බිස්නස් ක්ලාස් ටිකට්) අත්හිටුවීම යන කරුණු මුල් කරගෙනය...
මේ සම්බන්ධයෙන් ඔවුන් පෙරේදා රෑ පරිපාලකයන් සමග මේ ගැන කළ තීරණාත්මක සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත්තා.
එය අවසන්වූයේ මුදල් ගැන වැඩි උනන්දුවක් තිබුණ ඇතැම් ක්රීඩකයින්ගේ කෝපය අවුස්සාය.
ඇතුළතදී කෝපයෙන් ගිගුරුවත් ඒ සමහර අය පිටතට ඒබව සගවා සිටියා.
සිද්ධිදාමයේදී මුදල් නිසා වැඩියෙන්ම කෝපයට පත් තැනැත්තකු වූයේ ලසිත් මාලිංගයි. රැස්වීම නිමවා ඔහු රාත්රියේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් පිටතට එන විට එක්වරම හමුවූයේ මාධ්ය කැමරා ශිල්පීන්ය. ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ට රවමින් බොරු කියූ අතර තඹයකට මායිම් කළේ නැත. පසුදා අත්සන් කරන්නට වාහනයෙන් එනවිටත් ඔහු වටකර මාධ්යවේදීන් ප්රශ්න අසන්නට සූදානම්වෙද්දී ඔවුනට අවමන් කර ගස්සා පිටව යන්නට තරම් මාලිංග උඩගු වූයේය.
පලවෙනි සිදුවීම මාර්තු 3 රාත්රියේ
කන්ට්රැක්ට් එකට මොකද වුනේ? මාධ්යවේදීන් ඇසූවිට..
මොකක්ද..කන්ට්රැක්ට්.. අපි මේ පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා.
කන්ට්රැක්ට් එකට අත්සන් කළේ නැද්ද?
මොකක්ද?..ඒ මං මේ පොඩි ෆන්ක්ෂන් එකකට ආවෙ..කන්ට්රැක්ට් එකකට ආපු කට්ටියගෙන් අහගන්න..
(එසේ කියා ඔහු මාධ්යවේදීන්ට ඔරවමින් වාහනයේ නැගී පිටව යයි)
දෙවෙනි සිදුවීම මාර්තු 4 දහවල්
අපිට පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද? මාධ්යවේදීන් ඇසූවිට..
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..
(එසේ කියූ ඔහු වාහනයේ දොර හයියෙන් වසා ගස්සාගෙන ගොස් ඔරවමින් පසෙකට වී සිටගෙන සිටියේය)
මාධ්යවේදීන්ට අවමන් කරමින් ලසිත් මාලිංග කළ මේ හැසිරීම ඊයේ එම සිද්ධිය නිසා අපහසුතාවයට ලක්වූ රූපවාහිනී, ස්වර්ණවාහිනී හා දෙරණ ප්රවෘත්ති මගින්ද ප්රචාරය වූ අතර ඔහුගේ ලොකු ලෙවල් මෙතෙක් කල් ඔහු කෙරේ තිබුණ පහැදීමට හානි කර විය.
ඇත්තටම ඔහු කෝපවී සිටියේ මාධ්ය සමග නොව මුදල් තණ්හාව නිසා බව පැහැදිලි විය.
මාලිංගගේ ලොකු ලෙවල් හැසිරීම දෙරණ කැමරාවට හසුවූ අයුරු පහතින්
මාලිංගගේ ලොකු ලෙවල් හැසිරීම රූපවාහිනී කැමරාවට හසුවූ අයුරු පහතින්




