විදෙස් වාර්තා පවසන්නේ, සැකකරු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
සැකකරු පොලිස් වෑන් රථයකින් ඇඳගෙන යන අයුරු එම ස්ථානයේ සිටි පුද්ගලයකු විසින් රූගත කර ඇති අතර අනතුරුව එය රූපවාහිනි නාලිකා ඔස්සේ, විකාශය කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 27 හැවිරිදි මොසැම්බික් ජාතික කුලී රථ රියදුරෙකි.
මාර්ගයේ වැරදි පසක සිය රථය නැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගෙන් තොරතුරු විමසා සිටි අවස්ථාවේ මෙය සිදුව ඇති බව සඳහන් ය.
එරට පොලීසිය පැවසූවේ, වැරදි පසක වාහනය නැවැත්වීම සම්බන්ධයෙන් අදාළ ප්රශ්න කර සිටියදී ඔහු සිය නිලධාරීන්ට පිස්තෝලයක් එල්ල කර ඇති බවය.
කෙසේ නමුත් එම සිද්ධිය දුටුවන් පවසා පවසා ඇත්තේ, ඊට වෙනස් අදහස් බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ, ඔහුගේ හිසට සිදුවූ තුවාල සහ අභ්යන්තර රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.
south african police drag man -




