
කොන්ඩෙත් තියල ගිහින්ලූ...
වැලිකඩ බන්ධනාගාරයේ අලූගෝසු තනතුරට ඉකුත්දා බඳවා ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා හිටිහැටියේ අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
ප්රධාන අලූගෝසු සහ සහය අලූගෝසු තනතුරු සඳහා බඳවා ගන්නා ලද මෙම පුද්ගලයන් දෙදෙනා මාස තුනක පුහුණු කාලයක් යටතේ වැලිකඩ බන්ධනාගාරයේ පුහුණුව ලබමින් සිටි අතර පසුගිය සතියේ නිවාඩු ලබා පිටව ගිය පසු යළි සේවයට වාර්තා කර නැති අතර දැන් කිසිම පණිවඩයක්හෝ දීමට නොහැකිව සොයාගන්නට බැරිව තිඛෙනවා.
අලූගෝසු රැකියා ආණ්ඩුවේ ස්ථිර තනතුරු හැටියට තෝරාගත් අතර පුහුණුව ලබමින් සිටි කාලයේ වැටුප් ගෙවීමක්ද සිදු කරනු ලැබුණා.
මාස තුනක පුහුණු කාලයෙන් මාස එකහමාරක පුහුණුවක් අවසන් කරමින් සිටියදී ඉකුත් පොහෝ දිනය යෙදී තිබූ පෙබරවාරි 25 වැනිදා නිවාඩුවක් ලබා මේ දෙදෙනා පිටවී ගොස් තබූ නමුත් මේ දක්වා දෙදෙනා යළි සේවය සඳහා වාර්තා කර නැත.
මෙම තරුණයන් දෙදෙනා යුද හමුදාවෙන් පළා ගොස් පසුව සමාව ලබා යුද හමුදාවෙන් නීත්යානුකූලව ඉවත් වූවන් බව වාර්තා වුණා.අලූගෝසු රුකියාව සඳහා ඉල්ලුම් කරන ලද 400 ක් අතුරින් මොවුන් සමත් වුණා.
මෙම එක් තරුණයෙක් අලූගෝසු පුහුණුව සඳහා වාර්තා කර ඇත්තේ දිගු කොණ්ඩයක් හිස මුදුනට වෙන්න ගැට ගසා ගෙනය.
වැලිකඩ බන්ධනාගාරය තුළ පිහිටි සිරකරුවන් කොණ්ඩා කපන බාබර් සාප්පුවෙන් තරුණයාගේ මෙම දිගු කොණ්ඩය කපා දමා ඇති බවත් එම කොණ්ඩා බෝලය ඔහු නැති බන්ධානාගාරයේ බාබර් සාප්පුවේ මේ වනවිට එල්ලා ඇති බවත් වාර්තා වුණා.
කැමැත්තෙන් රැකියාවට ආ ඔවුන් අතුරුදන්ව ඇත්තේ කිසියම් තර්ජනයක් නිසාද වෙනත් හේතුවක් නිසාද යන්න තවම වාර්තා නොවේ.




