Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

තිලාන් සමරවීර ඉල්ලා අස් වේ...

ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 12ක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ තිලාන් සමරවීර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඊයේ තීරණය කළේය.

වසර 2008 මාර්තු 3වැනිදා ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙද්දී දරුණු ලෙස තුවාල වු තිලාන් එම සිද්ධියෙන් හරියටම වසර 5ක් ගෙවෙද්දී ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඔහු ක්‍රීඩාවෙන් සමුගැනීම ඊයේ ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් අතර ඒ බව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කරන ලෙස ක්‍රිකට් නිලධාරිහු තිලාන්ට පවසා ඇත.
කෙසේ වුවද ඔහු මෙයට පෙර ඔස්ට්‍රේලියානු සංචාරයේදීද ඉක්මනින්ම ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඉගි පළකොට තිබුණි. බංග්ලාදේශය සමග ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව සමුගැනීම බොහෝ දුරට සිදුවනු ඇතැයි පැවැසුවද ටෙස්ට් සංචිතයට ‍තෝරා නොගැනීම හේතුවෙන් තීරණය ඉක්මන් විය.

වසර 1976 සැප්තැම්බර් 22දා උපත ලබා කොළඹ ආනන්ද විදුහලෙන් ක්‍රීඩාවට අවතීර්ණවු තිලාන් සමරවීර ටෙස්ට් තරග 81කදී ලකුණු 5462ක්, එක්දින තරග 53කදී ලකුණු 862ක්ද ලබා සිටී.

තිලාන් ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ලකුණු රැස් කිරීමේ හොඳම තෙවැනි සාමාන්‍ය (48.76) වාර්තා කර සිටී‍. ඔහු තෙවැනි වන්නේ සංගක්කාරට හා මහේලට පමණි.

ටෙස්ට් ශතක 14ක් හා අර්ධ ශතක 30ක් රැස්කළ තිලාන් එක්දින තරගවලදී ශතක 2ක් ලබා සිටී. ඔහු වසර 2001 අගෝස්තු 29දා පළමු ටෙස්ට් තරගයට එක්වු අතර එහිදී පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබා වාර්තා පොතට එක්විය. 2009දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගමාලාවේදී ද්විත්ව ශතක දෙකක් ලබාගැනීමටද ඔහු සමත්විය.

Thilan Samaraweera

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us