.jpg)
පොලිසිය සඳහන් කළේ මාර්ග අංක 171 කොටුව -පැලවත්ත මාර්ගයේ ධාවනය වු බස්රථයක් තලංගම රෝහල ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බවය.
එම අවස්ථාවේ බස් නැවතුම්පලේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු අනතුරට ලක්ව තලංගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබු අනෙක් පුද්ගලයන් තිදෙනා වැඩිදුර ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය සදහන් කළේය..






