
දිල්ලි පොලිස් කොමසාරිස්වරයා ඊයේ මාධ්ය හමුවක් කැදවමින් අවධාරණය කළේ මෙම ක්රීඩකයින් තිදෙනා මුදලට තරග පවා දුන් බව මේ වනවිට වීඩියෝ දර්ශන මඟින් සනාථ වී ඇති බවය.
15 රාත්රි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් අනතුරුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ, ටෙස්ට් ක්රීඩක එස්. ශ්රී ශාන්ත්, අන්කීත් චවන් හා අජිත් චන්දිලා යන ක්රීඩනයින් තිදෙනා මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත්තේ ස්ථාන තුනකදීය.
අයි.පී.එල් තරගාවලිය අතරතුරදී මුදලට තරග පවාදීම සහ බුකිකරුවන් සමඟ සබඳතා පැවැත්වීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා විය.
ඉන්දීය මාධ්ය වාර්තා කළේ බුකීකරුවක් 11 දෙනකු ද 15 රාත්රියේ පොලිසිය අත්අඩංගුවට ගත් බවය.
බුකිකරුවන් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා කළ සංවාද ඇතුළත් විඩියෝ දර්ශන දිල්ලි පොලිසිය ඊයේ මාධ්යට නිකුත් කළ බවද ඉන්දීය වාර්තා කළේය.
එම මාධ්ය හමුවට එක් වු දිල්ලි පොලිස් කොමසාරිස් නීරාජ් කුමාර් මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් ක්රීඩකයින් තිදෙනා තරග තුනක් මුදලට පවා දී ඇති බවය.
ප්රතිවාදීන්ට වැඩි ලකුණු සංඛ්යාවක් ලබාදීමට අත්අඩංගුවට ගත් ක්රීඩකයින් කටයුතු කළ බව, එම ක්රීඩකයින් තිදෙනා බුකිකරුවන් කළ සංවාදය විමර්ශනය කිරිමේ දී තහවුරු වී ඇතැයි ද දිල්ලි පොලිස් කොමසාරිස්වරයා සඳහන් කළේය.
දිල්ලි පොලිසියට අනුව අජිත් චන්දිලා තරඟ පවාදිමට ලබා ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 20කි.
ශ්රීනාත් ඉන්දීය රුපියල් ලක්ෂ 40ක් සහ චවන් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් තරඟ පාවාදීමේ දී ලබා ගෙන ඇතැයි ද දිල්ලි පොලිසිය සඳහන් කළේය.
හිටපු ඉන්දීය ක්රීකට් ක්රීඩක කිරුටි අසාඩ් සඳහන් කළේ මෙලෙස මුදලය තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වන ක්රීඩකයින්ට ජිවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බවය.
තම ක්රීඩකයින් තිදෙනෙකුට මුදල තරඟ පාවාදීමේ චෝදනා එල්ල වු බව ඇසීමෙන් තමන් පුදුමයට පත් වු බව, සුපිරි ඉන්දීය නිළි ශිල්පා ශෙට්ටිට හිමි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
IPL 2013: Sreesanth, Chandila, Chavan arrested for spot-fixing




