Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

යුද හමුදා අධිකරණයේ දෙන ලද සිර දඬුවමක් පදනම් කරගෙන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරිමට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

ඒ, සිසිර ද ආබෲ සහ පි.ඩබ්ලිව්.ඩී. සී ජයතිලක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.

මීට අදාළ නීති විවාදය පැවැත්වීමට දින නියම කර ගැනීම සදහා නඩුව මැයි 23 වැනි දිනට කල් දැමුණි.

අධිකරණයට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.

"වන්දනාවේ යනවා වගේ අවුරුදු 6ක් තිස්සේ නඩුවලට එනවා. ඇපිල්වලට එනවා. සමහර ඇපිල් තාම යනවා. අපි ඒවාට දඬුවම්, බොරු චෝදනා දාලා හිරේත් දාලා හිර බතුත් කාලා එළියට ඇවිල්ලා තාම ඇපිල් යනවා. ඒක තමයි අපේ රටේ තියෙන පිළිවෙළ. මේවා ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන් ආකාරයේ මේ කටයුතු සිද්ධවෙන්නෑ. අපි දන්නවා දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා. ඝාතකයෝ ස්ත්‍රී දූෂකයෝ ළමා අපචාර කරන අය නිදහස් කරනවා."


තවද ඊයේ දිනයේදී සරත් ෆොන්සේකා මහතාගෙන් කොළඹ අපරාධ විමර්ශණ ඒකකට ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.ඒ 2006 වසරේ යුධ හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතා ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධවයි.එම බෝම්බ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තවත් තවත් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලැබීය.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us