මත්තල 'ආරක්ෂිත කලාපයක්’ කෙරේ..
පසුගිය මාර්තු 18 වැනිදා මත්තල දී විවෘත කෙරුණ ශ්රී ලංකාවේ දෙවන ජාත්යන්තර ගුවන් තොටුපළ විවෘත කර මේ වන විට දින 45 ක් ගෙවී ගොස් හමාරය.
රුපියල් කෝටි 2646 ක් වැය කරමින් ඉදිකෙරුණ මෙම ගුවන් තොටුපළ පිළිබද විවිධ මත පළවෙමින් පවතී. ඒ එම ගුවන් තොටුපළින් බලාපොරොත්තු වූ සෑබෑ ආදායම ඉන් ලැබෙනවද යන වගයි.
මේ අතර ගුවන් තොටුපළ විවෘත කර දා පටන් ආව ගිය ගුවන් යානා ගැන දළ විස්තරයක් අපට ලැබී තිබේ.
එනම්,
ගුවන් තොටුපළ වීවෘත කර දින 45 යි
පැමිණි ජාත්යන්තර ගුවන් යානා ගණන 1 යි
මෙතෙක් පැමිණි මගීන් ගණන 40 යි
මැයි 03 වන දින ආව ගිය යානා ගණන 2 යි (ලංකාවේම යානා)
වර්තමානයේ මෙවත් තත්ත්වයක පවතින රු. කෝටි 2646 ක දැවැන්ත ධනයක් වියදම් කරමින් ඉදිකළ ලංකාවේ දෙවන ජාත්යන්තර ගුවන් තොටුපළේ අනාගතය කෙසේ වේවිදැයි කාට කිව හැකි ද ?
මේ අතර මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළ සහ ඊට අදාළ ගුවන් පාලන ප්රදේශය ’ගුවන් ආරක්ෂිත කලාපයක්’ලෙස නම් කෙරේ.
ඒ අනුව මීට ප්රථම නම් කර තිබූ ගුවන් ආරක්ෂිත කලාපවලට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළ කලාපයද ඇතුලත් කර ඇති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශක වින්ග් කමාන්ඩර් ශිරාස් ජලඩීන් මහතා පවසයි.මීට පෙර 2007 වසරේ ඔක්තෝබර් 09වනදා ගැසට් නිවේදනයක් මගින් හඳුනාගත් ගුවන් ආරක්ෂිත කලාප 06ක් නම් කර තිබුණි.මත්තල ඇතුළු ප්රදේශ ගුවන් ආරක්ෂිත කලාප පිහිටුවීම මෙම වසරේ ජනවාරි 31වනදා සිට ආරම්භ කර තිබේ.




