
පසුගිය නිවාඩු සමයේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ, ඔහුගේ පෙම්වතිය වන යසාරා අබේනායක සහ යසාරාගේ පවුලේ සැවොම (ආච්චීද ඇතුළුව) සිංගප්පූරු සුපිරි කෲස් නෞකාවක නිවාඩුක් ගත කළ අවස්ථාවේ ඡායාරූපයකි මේ.
නාවික හමුදාවේ සාමාන්‍ය නිලධාරියෙකුට තමා ලබන වැටුපෙන් සුපිරි කෲස් නෞකාවක පවුල් පිටින් නිවාඩුවක් ගත කිරීමට නොලැබුනද එවැනිම නිලධාරියෙකු ලෙස සේවය කරනා යෝෂිතට එම හැකියාව ලැබී තිබේ. ඒ සිය පියාට පිංසිදුවන්නට විය යුතුය.
දිනෙන් දින වැඩිවන බඩු මිළ, ඉහළ යන ජීවන වියදම හා වැඩිවූ විදුලි බිල අතර ගැටෙනා සාමාන්‍ය ජනතාවට නම් මෙවැනි විනෝද චාරිකාවක් සදාකල් හීනයක්ම වේ. ඒ ඔවුන්ට මාසේ බිල් ගෙවනවාට වැඩි දෙයක් ගන්නා වැටුපෙන් ලබා ගත නොහැකි බැවිනි.
පසුගිය දිනෙක 60% කින් වැඩි වූ විදුලි බිල දරාගත නොහැකි දුප්පත්, අසරණ ජනතාවගේ අද නිවෙස් වල දැල්වෙන්නේ එකම එක විදුලි බුබුළකි. නැත්නම් එයත් නිවා දමා ඔවුන් කුප්පි ලාම්පුවට බසිනා දිනයද වැඩි ඈතක නොවන්නේ වැඩිවූ විදුලි බිල ලගදීම එන බැවිනි.
එහෙත් ජනපති පුතුන් මෙසේ සුඛවිහරණයෙන් යුතු දිවි ගෙවද්දී හා ඔවුන් ඔවුන් ඇසුරු කරන්නෝ ද ඒ සුඛ විහරණයන් පරිභෝග කරද්දී ඔවුන්ගේ පියාට ජනපති පුටුවට එන්නට මග පෑදු අසරණ දුප්පත් ජනතාවට සිදුවී ඇත්තේ කුප්පි ලාම්පු එළියෙන් රැය පහන් කිරීමටය.





