
ශ්රී ලංකා රගර් කණ්ඩායමේ හා නාවික හමුදා රගර් කණ්ඩායමේ නායක ජනපති පුත් යෝෂිත රාජපක්ෂ කාල්ටන් සත් සාමාජික දේශීය හා අන්තර් ජාතික තරගාවලියට නායකයන් තෝරා ගැනීමේ වෙන්දේසියේ දී රුපියල් මිලියන 11කට (එක් කෝටි දස ලක්ෂයක්) වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම විසින් මිලදීගෙන ඇත.
එය මෙරට රගර් ක්රීඩකයෙක් සදහා තැබූ ඉහලම මිල බවද පැවසේ.එසේම ඊළට වැඩිම මිලක් හිමිවූ ක්රීඩකයා හා යෝෂිත අතර පරතරය මිලියන අටකි.දෙවැනි තැනට වැඩිම මිලකට අලෙවි වූයේ ජාතික සත් සාමාජික රගර් කණ්ඩායමේ නායක ෆසීල් මරිජාය.






