යෝෂිත නිසා විනිසුරු අනූනමයෙන් බේරිලා
ක්රීඩා පිටිය මැද දී අයියාගෙන් මල්ලීට කනේ පාරක්...
ජාතික රග්බි සංගමය මගින් සංවිධානය කරන ලද රග්බි තරගාවලියක් අවසානයේ තරග විනිසුරු සමග ජනපති පුත් රෝහිත රාජපක්ෂ ගැටුමක් ඇති කර ගෙන තිබේ.
කානිවල් රග්බි තරගාවලියක් ලෙස සංවිධානය කර ඇති මෙම සත් සාමාජික තරගාවලියේ තරග පසුගිය 04 හා 05 වැනි දින කොළඹ හැව්ලොක් පාක් ක්රීඩා පිටියේදී පැවැත්වුණි.
අවසන් දිනයේ දී පොලිස් ක්රීඩා සමාජ ඒ කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් පැවැති අතර එම තරගය නිමා වී ඇත්තේ ලකුණු 10 ට 07 ක් ලෙස පොලිස් ක්රීඩා සමාජයට ජයග්රහණය අත්කර දෙමිනුයි. නාවික හමුදා කණ්ඩායමට යෝෂිත සහ රෝහිත රාජපක්ෂ ක්රීඩා කර ඇත.
එම තරගය නිමා වූ පසු තරග විනිසුරු සමග රෝහිත රාජපක්ෂ ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර ඔහු එහිදී විනිසුරුගේ කොලරයෙන් ඇද පහරදීමට රෝහිත උත්සාහ දර ඇත. එහෙත් එම අවස්ථාවට මැදිහත් වූ යෝෂිත රාජපක්ෂ තම මල්ලීව ඉවතට ඇද ගෙන ඇත. එහෙයින් තරග විනිසුරු අනූනමයෙන් රෝහිතගෙන් ගුටි නොකා බේරී ඇත. පසුව යෝෂිත ක්රීඩා පිටිය තුලදීම රෝහිතගේ කනට පහරදී ඇත.
එම සිදුවීමෙන් එදින හැව්ලොක් ක්රීඩා පිටියේ උණූසුම් වාතාවරණයක් ඇති වී තිබේ. කෙසේවෙතත් පසුව රෝහිතත් යෝෂිතත් දෙදෙනාම ක්රීඩා ගාරය වෙත ගිය පසු තත්ත්වය සාමාන්ය අතට හැරී ඇත.




