
ජනාධිපතිවරයාගේ නියමයට අනුව ගාස්තු වැඩිකිරීම අහෝසි කර ඒකක 60 දක්වා පැරණි ගාස්තුවම අය කිරීමට තීරණය කෙරුණ ද යෝජිත නව අය ක්රමය එලෙසම ක්රියාත්මක කිරීම ඊට හේතුව බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.
ඒ අනුව ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුට විදුලි බිල රුපියල් 61.56කින්ද ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුට විදුලි බිල රුපියල් 54.75කින් ද වැඩිවේ.
ඒකක 30ක් සඳහා කලින් ලැබුණු බිල්පත රුපියල් 187.85කි.නමුත් ඒ සඳහා ලබන 20 වැනිදායින් පසු ලැබෙන බිල්පත රුපියල් 249.41ක් වනු ඇත.
ඒකක 60ක් සඳහා කලින් ලැබුණු බිල්පත රුපියල් 371.85ක් වු අතර ලබන 20 වැනිදායින් පසු එම බිල්පත රුපියල් 426.60ක් වේ.
මෙම වැඩිවීම මුල් යෝජනාවට වඩා කිසියම් අඩුවීමක් බව සැබෑ නමුත්, විදුලි බිලෙන් පාරිභෝගිකයින්ට පැටවු බර එයින් සම්පූර්ණයෙන් හෝ ප්රමාණවත් ලෙස ලිහිල් කර නැතැයි සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය




