Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රහසිගතව ක්‍රියාත්මක වන මාෆියාවක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබී ඇති බවත් මෙවැනි අන්දමේ ජාවාරම්වලට ඉඩදිය නොහැකි බැවින් තමන් ඝාතනය කළත් එම මාෆියාවට විරුද්ධව රට හා ජනතාව වෙනුවෙන් ඒ පිළිබඳ ඉදිරියේ රටටම තොරතුරු හෙළිකරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ටෙන්ඩර්වලින් තොරව හදිසි අවශ්‍යතා මත විදේශ රටවලින් බෙහෙත් ද්‍රව්‍ය හදිසියේ මිලදී ගන්නා අවස්ථාවලදී රුපියල් 100යේ බෙහෙත් පෙත්ත රුපියල් 1000ත් 1500ත් අතර මිලකට මිල කරන බවට තමන් තොරතුරු හෙළි කරගෙන තිබෙව බවත් අමාත්‍ය වරයා පවසයි.
එම බෙහෙත් ද්‍රව්‍ය මෙරටට ගෙන්වන නියෝජිත පිරිසක් පසුගියදා තමා හමුවූ අවස්ථාවේ  ඔවුන් ඒ පිළිබඳ සොයාබැලීමට සතියක් කල්දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉලූ බවත් ඔහු පවසයි.

කෙසේ නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසූවේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ඔවැනිම ප්‍රකාශයක් ඇමතිවරයා සිදුකළ නමුත් අද වනවිට එම කෙටුම්පත පවා අස්ථාන ගතවී ඇති බවයි.

මෙවැනි මාෆියාවක් ක්‍රියාත්මකව ඇතැයි වසර ගණනාවක සිටම තමන් ඇමතිවරුන් ගණනාවකගේම අවධානයට ලක් කළ නමුත් අද වනතුරු ඔවුන් ඊට ඇහුම්කන් නොදුන් බවත් හිටි හැටියේම තමන් අනාවරණය කරගතා සේ වත්මන් ඇමතිවරයා මෙවැනි මාෆියාවක් ඇතැයි පැවසීම විහිලුවට කාරනයක් බවත් ඔවූහු පවසති.

"සිදුකළ යුතුව ඇත්තේ මාෆියාව අනාවරනය වී නම් ඔවුන් සමග සාකච්ඡා කිරීම නොව එම මාෆියා කරුවන් කවුරුන්ද යන්න රටටම හෙළිකර ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමයි." යනුවෙන්ද පැවසූහ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us