Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හකීම් ආණ්ඩුවෙන් ඉවත් වන්න බය ඇයි ?

ආණ්ඩුව සමඟ කොතරම් ප‍්‍රශ්න තිබුණත් තමන් ආණ්‌ඩුවෙන් ඉවත් නොවන්නේ යයි අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

පසුගිය දිනවල තමා ආණ්ඩුවෙන් ඉවත්ව යන බවට ප්‍රචාරය වූවත් කුමන මතභේද තිබුණත් දැන් එම අදහස ඔහු විසින් වෙනස්කරගෙන ඇති බව  ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනා විවාදයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
ආණ්ඩුවේ ඇතැම් කරුණු පිළිබඳව තමාට මතභේද තිබෙන බවත් ඒවා තමන් විසින් විවේචනය කරන බවත් හෙතෙම මෙහිදී පැවසීය. තවද අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ නීත්‍යානුකූල ආකාරයෙන් නොවන බවට රවුෆ් හකීම් පසුගියදා ආණ්ඩුව විවේචනය කළේය.

ඔහු ආණ්ඩුවෙන් ඉවත් නොවීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඔහුට එරෙහිව අල්ලස් සහ ස්ත්‍රී දූෂණ චෝදනා නගා ඔහු අත් අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ ඇති බව දැනගන්නට ලැබී ඇත.

හකීම්ට එරෙහි අල්ලස් චෝදනා නගා ඇත්තේ නීති විද්‍යාලයට සිසුන් ඇතුලත් කිරීම සඳහා ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු හරහා ලක්ෂ 10 ක අල්ලස් ලබා ගත්තා කියමිනි.

මෙම අල්ලස් චෝදනා ලිපිගොනුවට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා අඩංගු ලිපි ගොනු දෙකෙහි පවතින්නේ හකීම්ට එරෙහි පැරණි චෝදනාවන් ය. ඔහු විසින් අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පසුව සිය දිවි නසා ගත් මර්වින් ජේ කුරේ මන්ත්‍රීවරයාගේ දියණිය කුමාරි කුරේ විසින් වරින් වර ලබා දී ඇති කට උත්තර එම ලිපි ගොනු වල තිඛෙන අතර එම ලිපි ගොනු දෙකෙහි රාවුෆ් හකීම්ට එරෙහිව කට උත්තර 16 ක් අඩංගු වේ.

ඉහත තත්ත්වය මත රවුෆ් හකීම් මහතා ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කර මුලටම ඔහු එරෙන බව ඔහු විසින් තේරුම්ගෙන එම අදහස ඉවත් කරගෙන ඇති බව පැහැදිලිය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us