Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

යෝෂිත මිලියන 11කට අලෙවි වෙයි !

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හා නාවික හමුදා රගර් කණ්ඩායමේ නායක ජනපති පුත් යෝෂිත රාජපක්ෂ කාල්ටන් සත් සාමාජික දේශීය හා අන්තර් ජාතික තරගාවලියට නායකයන් තෝරා ගැනීමේ වෙන්දේසියේ දී රුපියල් මිලියන 11කට (එක් කෝටි දස ලක්ෂයක්) වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම විසින් මිලදීගෙන ඇත.

එය මෙරට රගර් ක්‍රීඩකයෙක් සදහා තැබූ ඉහලම මිල බවද පැවසේ.එසේම ඊළට වැඩිම මිලක් හිමිවූ ක්‍රීඩකයා හා යෝෂිත අතර පරතරය මිලියන අටකි.දෙවැනි තැනට වැඩිම මිලකට අලෙවි වූයේ ජාතික සත් සාමාජික රගර් කණ්ඩායමේ නායක ෆසීල් මරිජාය.
ඔහු නෝදර්න් ගැලැඩියේටර්ස් කණ්ඩායම විසින් මිලියන 3ක මුදලකට මිලදී ගත්තේය.ශ්‍රීනාත් සූරියබණ්ඩාර මිලියන 2.5ක මුදලකට හිමිකර ගැනීමට සදර්න් ෂාක්ස් කණ්ඩායම සමත්විය.

හැව්ලොක්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ෂෙනාල් ඩයස් මිලියන 2.5ක මුදලකට අත්කර ගැනීමට ඊස්ටර්න් ඊගල්ස් කණ්ඩායම සමත්වූ අතර නයිජල් රත්වත්තේ මිලියන 2ක මුදලකට සෙන්ට්‍රල් කිංග්ස් කණ්ඩායමට හිමිවිය.

නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් කණ්ඩායම විසින් ගයාන් වීරරත්න අත්කරගනු ලැබුවේ මිලියන 2ක මුදලකටය.ප්‍රදීප් ලියනගේ නෝර්ත් සෙන්ට්‍රල් ටයිපූන්ස් කණ්ඩායම මිලියන 1.3ක මුදලකට මිළ දී ගත්තේය.

රෝහිත රාජපක්ෂ, සජිත් සාරංග සහ චාමර දාබරේ ලක්ෂ 8ක මුදලකට අත් කරගැනීමට පිළිවෙලින් සබරගමුව ස්ටැලියොන්ස්, ජැෆ්නා චැලෙන්ජරස් හා ඌව වයිපර්ස් කණ්ඩායම් සමත්වූහ.
යෝෂිත ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියේදී ද ශ්‍රි ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට තෝරාගෙන තිබේ

පසුගිය වසරේ තරගාවලියේ දී ජැෆ්නා චැලෙන්ජර්ස් කණ්ඩායම මෙහෙය වූ යෝෂිත සිය කණ්ඩායම සම ශූරයන් බවට පත්කළේය.

යොෂිතව සිය කණ්ඩායමේ නායකයා ලෙස එක්කර ගැනීමට වෙස්ටර්න් ‍වොරියර්ස්, සබරගමුව ස්ටැලියොන්ස් සහ නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් කණ්ඩායම් අතර විශාල තරගයක් පැවැති බවද පැවසේ.

නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස් කණ්ඩායම මිලියන 8කට ලංසු තැබූ යෝෂිතව සැටැලියොන්ස් කණ්ඩායම මිලියන 10කට ඉල්ලා සිටි අතර වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම මිලියන 11ක ලංසුවක් ඉදිරිපත් කරමින් අවසානයේ ඔහු අත්පත් කරගත්තේය.

ලබන වසරේ සුපිරි රටවල් පහේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදාකරගත් ශ්‍රී ලංකා පිලේ නායකයා වූයේද යෝෂිතය.ආසියානු ෆයිව් නේෂන්ස් පළමු කොටසේ රගර් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා පිල එම අවස්ථාව උදාකරගත්තේය.

කාල්ටන් සුපර් සෙවන්ස් අන්තර් ජාතික තරගාවලියට අමතරව මේ වසරේ සිට කාල්ටන් දේශීය තරගාවලියක් ද එක්වී තිබේ.මෙතෙක් තරගාවලිය මෙහෙය වූ කාල්ටන් ක්‍රීඩා සමාජය‍ වෙනුවට කණ්ඩායම් 10 නියෝජනය වන පරිදි 'සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස්' නමින් නව සංවිධානයක් බිහි වී ඇත.

එහි සභාපතිවරයා ලෙස නිමල් පෙරේරා මහතා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස් මහතා කටයුතු කරයි..ශ්‍රී ලංකා රගර් සංගමය හා එක්ව එම සංවිධානය කාල්ටන් සත් සාමාජික රගර් තරගාවලිය මෙහෙයවනු ඇත.

නව සංවිධානයේ සභාපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ නායකයන් තේරීමේ වෙන්දේසිය පැවැත්විණි.

මේ තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාසයේ 4වැනිදාය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us