Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සීගීරීයට PUB එකක්?...
මුදලට විකුණුනු සිගිරිය..

සිගිරිය යනු ජාතික උරුමයක් මෙන්ම ලෝක උරුමයක්ද වේ..ඒ එහි ඇති ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකම මෙන්ම එහි ඇති බෞද්ධාගමික වටිනාකම නිසාය..

නමුත් අවාසනාවට පැපරාසි  නිව්ස් ලංකා වෙබ් අඩවියට දැනගැනීමට ලැබුනේ එවන් වටිනාකමක් ඇති සීගිරියේ රජ මාලිගය පිහිටා තිබු කොටස ජපන් ජාතිකයින් පිරිසක් විසින් අඩු සැර බියර් වෙළඳ දැන්වීමක් සඳහා යොදා ගැනීමයි...

සැබවින්ම සිගිරිය මත රූගත කිරීමක් නොකලද සිගිරි ගල මත හිඳින ගැහැනුන් සහ පිරිමින් අහාර ගනිමින් බියර් බොන දර්ශනයක් ජපන් ජතිකින් විසින් මවාපා ඇත ඊට පසු එම දර්ශන තලය සීගිරිය පර්වතයේ ගුවන් ඡායාරූපයක් හා මුසුවේ.
මෙහි ඇති අවසනවානම් ලෝක උරුම සිගිරිය ලොවට බීර රුචි ගන්වන දැන්වීමක් බවට අවසානයේ පත් වීමයි.අපට සිද්දිය වාර්තා වන අන්දමට මෙසේය...

ජපන් ජාතිකයන් පිරිසක් ලංකාවට පැමිනිමට පෙර තමන්ගේ අවශ්‍යතාවය පිලිබද ලංකික පිරිසකගෙන් විමසා ඇත. එවිට එහි නොගැලපීම් ගැන තොරතුරු සපයා එය ප්‍රතික්ශේප කල පිරිසක් අප අතර විය.කෙසේ වෙතත් ඔවුන් විසින් අදාල නිලධාරීන් හා ආයතන දැනුවත් කල බවද පැවසේ.

නැවත නැවතත් උත්සාහ කල ජපන්ජාතික පිරිස අවසානයේ ඒ සදහා සුදුසු පුද්ගලයින් ( මුදල් හා දේශපාලන ) යොදාගනිමින් සියලුම අවසර සහිතව රැගත කිරිම් කොට අවශ්‍ය තාක්ෂනික උපක්‍රම යොදා මෙම විඩියෝව නිපදවීමට හැකියාව ලබාගෙන ඇත.

යුනෙස්කෝ ලෝක සංස්කෘතික උරුමයක් වන සීගිරිය ක්‍රිස්තු පූර්ව යුගයේ බෞද්ධ ආරාම සංකීර්ණයක් වශයෙන්ද තිබූ ස්ථානයකි...5 වැනි සියවසේ කාශ්‍යප රජ සමයේදී සීගිරිය ජාත්‍යන්තර සම්බන්ධතා සහිත දැකුම්කළු නගරයක් බවට පත් කෙරිණි. මෙහි ඇති පුරා විද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකම නිසා යුනෙස්කෝ සංවිධානය එය ලෝක සංස්කෘතික උරුමයක් වශයෙන්ද නම් කළේය.

පුරා විද්‍යාත්මක ස්මාරක රූපගත කිරීමේදී ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගත යුතුය. එවැනි ස්මාරක දැන්වීම් සඳහා යොදා ගැනීමට අවසර දෙන්නේ ඒවායින් අදාළ ස්ථානයේ වටිනාකමට හානියක් නොවන්නේ නම් පමණි. එවැනි තත්ත්වයක් පවතිද්දී සීගිරියේ රූප රාමු විදේශීය මත්පැන් වර්ගයක් සඳහා යොදා ගන්නේ කෙසේදැයි ගැටලුවකි.මෙය මෙරට ජාතික උරුමයකට කළ බලවත් නිග්‍රහයකැයි විද්වත්හු පෙන්වා දෙති.

තවද අගම සහ ජාතියේ සහජීවනය වෙනුවෙන් හඬ නගන ඇතැම් සංවිධාන මෙවන් දේ වෙනුවෙන් හඬ නගන්නේනම් අනාගතයේ වියහැකි ඇති විශාල ව්‍යසනයක් නවතාගත හැක.

සමහරුන්හට මෙය සීගීරියට හොද ප්‍රචාරයක්, සංචාරක ආකර්ශනයක් ලෙස දැක්විය හැක..ඉදිරියේදි සීගීරිය උඩ Beer club ආරම්භ කිරිමටත් සංචාරක ප්‍රවර්ධන අදහසක් විය හැක.
අප රට යා යුත්තේ කොතනටදැයි සිතාගත නොහැක.

-පැපරාසි  නිව්ස් ලංකා විමර්ශන-


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us