Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන රෝහිත රාජපක්ෂ මහතා තරඟ තීරකයෙකුට පහර දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා බලධාරීන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

මේ මස මුලදී කොළඹ හැව්ලොක් පිටියේදී රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කළ නාවික හමුදා පිළ තරඟයකින් පරාජය වීමෙන් අනතුරුව තරඟ තීරක දිමිත්‍රි ගුණසේකර ඔහු පහර දුන් බව සිද්ධිය සියැසින් දුටුවන් ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න මහතා කියා සිටියේ පහර දීමක් සිදුවූ බව තමන් නොසිතන බවයි.

අනවශ්‍ය වචන හුවමාරුවක් සිදුවූවේ යැයි තමන් සිතන අතර, කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කළ යුතුව ඇතැයි අසංග සෙනවිරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය.

රෝහිත රාජපක්ෂ මහතා හට තරඟ තහනමක් පනවා ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා වල සත්‍යයෙන් තොර බවත්, තව දුරටත් විමර්ශන කටයුතු කරගෙන යන බවත් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ ලේකම් රිස්ලි ඉලියාස් මහතා ප්‍රකාශ කළේය.

විමර්ශනය හමාර වන තුරු රෝහිත රාජපක්ෂ මහතා තරඟ වලට සහභාගී කරවීමෙන් වැලකී ඉන්නැයි ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය නාවික හමුදා පිළෙන් ඉල්ලා සිටි බව ද රිස්ලි ඉලියාස් කියා සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර පළකරමින් කියා සිටියේ 'සමස්ථ සිද්ධියම වැරැදී වැටහීම්' හේතුවෙන් ඇතිවුවක් බවයි. එහෙත් පහර දීමක් සිදුවුනාද, නැද්ද යන්න පිළිබඳව නැගුන ප්‍රශ්න වලට නාමල් රාජපක්ෂ මහතා ගෙන් පිළිතුරුක් නොලැබිණ.

-බිබිසි සංදේශය

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us