Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බොදු බල සේනා මූලස්ථානය ඉදිරියේ භික්ෂු පිරිසක් ගුටි බැට හුවමාරුවක..
දතක් නැතිව එක් භික්ෂුවක් රෝහලේ..

කොළඹ 07 තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදුබල සේනා මූලස්ථානය ඉදිරිපිට දී  භික්ෂූන්වහන්සේලා කිහිපනමක් ගුටිබැට හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ.

පහර කෑමෙන් තුවාල ලැබූ එක් භික්‍ෂුන් වහන්සේ නමක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර උන්වහන්සේගේ දතක් කැඩී ඇතැයිද වාර්තා වේ.
රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පන්සලක අයිතිය සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිවී ඇති අතර බොදු බල සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇති බවද වාර්තා වේ.

කුලය පදනම් කරගනිමින් සාමණේර හිමිවරු ලියා පදිංචි කිරීම පිළිබඳව නායක හාමුදුරුවන් සමග ඇතිවූ මත ගැටුමකින් පසුව බලහත්කාරයෙන් මැදිහත්වුණු ඥාණසාර හිමියන් මාව පන්සලෙන් පන්නා දම්මා. සාමණේර හිමිවරුත් රැගෙන මම දැන් ඉන්නේ ගෙදරක කාමරයක් කුලියට අරගෙන. ගෝල හිමිවරුන් එක්ක මම ආවේ පදිංචියට පන්සලක් හොයා දෙන ලෙස ඉල්ලා සිටීමටයි යනුවෙන් පහර කෑමට ලක් වූ මැලැවුවේ කළ්‍යාණ ධම්ම හිමියෝ පැවසූහ.

තම සංවිධානයට විරුද්ධව විවිධ කුමන්ත‍්‍රණ මේ මොහොතේ දියත් වෙමින් ඇති බවත් මෙයද එහි එක් පියවරක් විය හැකි බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ සිදුවීම සම්බන්ධයෙන් පැවසුහ.

තවද බම්බලපිටියේ දී බෞද්ධ භික්ෂුවකට පහරදීමක් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් විහාරස්ථානයෙන් පිට කාමරයක ජීවත්වීම පිළිබඳව සිද්ධියට සම්බන්ධව කල්‍යාණ ධම්ම හිමියන්ට අවවාද කළ බවත් පිළගත් ඥාණසාර හිමියන් තවත් විටෙක ප්‍රකාශ කළේ මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි නොහඳුණන බවයි.

කෙසේවෙතත් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිට මේ අකාරයේ ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ද තහවුරු කර ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us