Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලොකු සීයා ඝාතනය කළේ පුද්ගලික අවශ්‍යතාවයකටලූ...

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතාව සිටි මොහොමඩ් සාලි නියාස්‌ හෙවත් "ලොකු සීයා" පැහැරගෙන ගොස්‌ කෲර වධහිංසා පමුණුවා ඝාතනය කර සිරුර අක්‌කරේපත්තුව මුහුදේ ගිල්වාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී. ) පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

ඉකුත් 2011 වර්ෂයේ ඔක්‌තෝම්බර් මස 27 වැනිදා සවස 6.30 ට පමණ මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේදී ලොකු සීයා සිය ජීප් රථයෙන් යමින් සිටියදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගනු ලැබීය.
පැහැර ගන්නා අවස්‌ථාවේ ලොකු සීයා රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ පැළඳ සිටියේය.

මෙම පැහැර ගැනීම සිදු වී මාසයකට පමණ පසු ලොකු සීයාගේ සිරුර අක්‌කරේපත්තුව මුහුදේ පාවෙමින් තිබියදී පොලිසිය මගින් සොයා ගන්නා ලදී. පැහැර ගැනීම සිදු වන අවස්‌ථාවේ ලොකු සීයා පැළඳ සිටි කෝටි තුනහමාරක රන් ආභරණ කිසිවක්‌ සිරුරේ නොතිබිණ.

ඔහුගේ සිරුර ඉටිරෙදිවලින් ඔතා කටුකම්බිවලින් ගැට ගසා විශාල ගලක්‌ බැඳ මුහුදට දමා තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි විය.

ලොකු සීයා පැහැර ගැනීමට ලක්‌ වන අවස්‌ථාවේ ඇඳ සිටි ඇඳුම්වලින් සහ ඔහුගේ අතක ඇඟිල්ලක තිබූ තුවාලයක්‌ ගැටගසා තිබූ රෙදි පටියකින් ඥාතීන් විසින් ඔහුගේ සිරුර හඳුනාගෙන තිබිණි.

මෙම අභිරහස්‌ ඝාතනය පිළිබඳව නිවැරදි පරීක්‍ෂණයක්‌ මෙතෙක්‌ සිදු කර නොතිබිණ. ආරක්‍ෂක අංශයකට සම්බන්ධ කිසියම් පිරිසක්‌ ලොකු සීයා පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බවට කට කථා පැතිර ගොස්‌ තිබිණි.

එමෙන්ම ලොකු සීයා මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බවටද කටකතා ප්‍රචාරය විය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිදු කර ඇති පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ ලොකු සීයා කිසිම ආකාරයක මත්කුඩු ජාවාරමකට සම්බන්ධ වී නොසිටි බවයි.

කිසියම් පිරිසක්‌ පෞද්ගලික අවශ්‍යතාවක්‌ මත ලොකු සීයා පැහැරගෙන ගොස්‌ ඝාතනය කර ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරයි. මෙම අභිරහසේ සියලු තොරතුරු වැඩි දවසක්‌ ගත වීමට පෙර හෙළි කර ගත හැකිවනු ඇතැයි රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

-දිවයින

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us