Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනපති පුතුන් පිනවීමට මහා සංගීත සංදර්ශනයක්

කාල්ටන් රග්බි 7 වන සංවත්සරය නිමිත්තෙන් RED FM නාලිකාව හා CSN රූපවාහිනී නාලිකාව එක්ව සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සුදානම් කර ඇත.

ජූලි මස 12 වැනිදා පැවැත්වෙන මෙම සංදර්ශනයේ දී ලොව ජනප්‍රිය රැප් ගායක sean kingston හා ඇමරිකාවේ nelly සජීවීව ගීත ගායනයෙන් එක් වනු ඇත.

කාල්ටන් රග්බි ක්‍රීඩා සමාජයේ ප්‍රබල සාමාජිකයන් වන ජනපති පුතුන් තිදෙනාගේ සංකල්පයකට අනුව මෙම සංදර්ශනය මහත් වියදමක් දරා පැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා විය.
රාජපක්ෂ පුතුන් මෙසේ කෝටි ගණන් වැයකරමින් තමන්ගේ සුඛ විහරණය උදෙසා සංදර්ශන පවත්වන්නේ අහිංසක දුප්පත් ජනයා පිනවීමට නම් විය නොහැක. මෙවන් ලොව ප්‍රකට විදෙස් ගායකයන්ගේ සංගීත සංදර්ශනයක අවම ටිකට් පතත් රු. දහස ඉක්මවනු ඇත. දින දින ඉහළ යන ජීවන වියදමත් සමග ඔට්ටු අල්ලන දුප්පතාට පවුල් පිටින් පැමිණ මෙවන් සංදර්ශනයක් නැරඹීමට හැකි වන්නේ සැබවින්ම සිහිනයෙන් පමණි.

මීට පෙරද ජනපතිගේ දෙවැනි පුතා සුපිරි නෞකාවවක නිවාඩුවක් ගත කළ අයුරු අප ඔබට ගෙන ආවෙමු. සුපිරි පැලැන්තියේ තරුණ තරුණියන්ට සල්ලි විසිකරමින් කාබී නටා විනෝද වීමට හැකි මෙවන් සංගීත සංදර්ශන ජනපති පුතුන් පවත්වන්ට සිතුවේ මේ රටට දැන් අඩු සංගීත සංදර්ශන පමණක් බව සිතාගෙන ද ?

ඔවුන්ගේ පියාට ජනපති පුටුව ලබා දීමට ඡන්දය දුන් ඔබ මදක් සිතා බලන්න.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us