Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නෝර්වේ රාජ්‍යයෙන් මුදල් ගත්තා නම් වහාම හෙලි කරන්න - විමල්ට බොදු බල සේනාවෙන් අභියෝගයක්..

ඔප්පු කළොත් පැය 2 ක් ඇතුළත බොදු බල සේනාව විසුරුවනවා..

විමල් විරවංශ අමාතවරයා තම සංවිධානයට නෝර්වේ අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් අරමුදල් ලැබුනු බවට ඔප්පු කළහොත් ජාතියෙන් සමාව ගෙන පැය 2ක් ඇතුළත තම සංවිධානය විසුරුවා හරින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි.

එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් විරවංශ මහතා ඇමති ධුරයෙන් ඉවත්වී අමුඩයක් ගසා ගෙන ගෙදර යායුතු බවද එම සංවිධානය පවසයි.
ඇමති විමල් වීරවංශ මහතා පිළිබද තමන්ට බරපතල සැකයක් ඇතිවුණ බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන් ඊයේ (13)  කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය. ඒ ඔහු ඉන්දියාවේ ආගම්වාදී පක්ෂයක් වන ශිව්සේනා පක්ෂය සමග සම්බන්ධකම් පවත්වන බව තේරුම් ගොස් ඇති බැවිනි.

ඥානසාර හිමියන් ඊයේ මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා තලවකැලේ ලිඳුල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ තිබූ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙසටයි.මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරන බෞද්ධ සංවිධානයක් දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ එහිදී පවසා ඇත.

බොදුබලසේනා සංවිධානය පිහිටුවීමටත් පෙර නෝර්වේ ගිය බවත් එසේ ගියේ මීට දෙවසරකට පෙර බවද ඥානසාර හිමියන් පවසති. තම සංවිධානය බටහිර රටවලින් ශත 5ක් හෝ ලබාගෙන නැති බවද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ඩයස් පෝරාව කියන්නේ කුමක්දැයිවත් නොදන්නා බවද උන්වහන්සේ පෙන්වාදෙයි. ලංකාවෙත් ඩයස් පෝරාවක් හැදිය යුතු බවත් එය එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදව් නොකරන ඩයස් පෝරාවක් විය යුතු බවත් උන්වහන්සේ තවදුරටත් පැවසුහ.

යූන් එක ඉදිරිපිට විමල් වීරවංශ ඇමතිවරයා උපවාස කරන විට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළේ තමන් වහන්සේ බවත් මාක්ස්වාදය ඉදිරියට දමාගෙන ශාස්තෘවරයෙකු ලෙස බලයට පැමිණිය නොහැකි බව දැනගත් ඔහු ජාතිකවාදයට නැඹුරුවු බවත් ඥානසාර හිමියන් සඳහන් කරයි.
එසේම ඇමති විමල් වීරවංශ මහතා ඉන්දියාවේ ශිවසේනා සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවට විශාල සැකයක් පවතින බවද උන්වහන්සේ පවසයි.

තවද අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැන අදහස් දක්වමින් ඥනසාර හිමියන් පැවසුවේ ඔහු වෙනුවෙන් කෑ ගැසු විපක්ෂය සාලි කළ කී දෑ ගැන කිසිවක් නොදන්නා බවයි. අසාද් සාලි ඇතුළට ගිය ආකාරයට වීරයෙකු මෙන් එළියට පැමිණෙයි යැයි සිතුවද ඔහු එළියට ආවේ “පූස් පැටියෙක්“ මෙන් යැයිද උන්වහන්සේ පෙන්වාදුන්නේය. “සාලි කියන්නේ හාල් මැස්සෙක්“ බවත් මුස්ලිම් ජනතාවගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට උලමා සංවිධානය ඇතුළු සංවිධානවලින් ඉල්ලීම් කළත් ඔවුන් සාකච්ඡාවලට නොපැමිණි බවත් ගබබොඩඅත්තේ ඥානසාර හිමියෝ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසූහ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us