Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නායක හාමුදුරුවන්ගේ ලක්ෂ 65 වාහනය පැහැරගෙන ගිය අයට පොලිසියෙන් වෙඩි...

සීදුව, රද්දොළුගම ශ්‍රී නන්දාරාමයේ කඳගමුවේ මහානාම නාහිමියන්ට අයත් ලක්‍ෂ 65ක් පමණ වටිනා නවීන කාර් රථයක් පෙරේදා රාත්‍රියේ (28දා) පැහැරගෙන පලායමින් සිටි සැකකරුවන් පිරිසකට ඊයේ (29දා) දහවල් පොලිසිය කළ වෙඩි තැබීමෙන් දෙදෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.

වවුනියාව පොලිසිය පැවැසුවේ කාර් රථය සමඟ රද්දොළුගම ශ්‍රී නන්දාරාම විහාරස්ථානයට අයත්ව තිබූ රුපියල් ලක්‍ෂ දෙකක පමණ රන් භාණ්ඩ හා පිත්තල භාණ්ඩ තොගයක්ද රැගෙන යමින් සිටි සැකකරුවන් ගමන්ගත් වාහනය පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වාහනයට අනුරාධපුර දුටුවැව පොලිස් ස්ථානයේදී වෙඩි තබා ඇති බවයි.
කාර් රථයේ සිවුදෙනකු ගමන් කොට ඇති අතර වෙඩි තැබීම හේතුවෙන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා වවුනියාව පොලිසිය යෙදූ හදිසි මාර්ග බාධකයකදී වවුනියාව මඩුකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව මූලස්ථාන පොලිසිය කීය.

වවුනියාව පොලිසියට හා කැබිතිගොල්ලෑව පොලිසියට ලද විශේෂ තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බැව් වවුනියාව පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනකු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවකු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ අයකු බව වවුනියාව පොලිසිය තහවුරුකොටගෙන ඇත.

වවුනියාව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එස්. ඩබ්ලිව්. වික්‍රමසිංහ හා වවුනියාව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චන්න අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ පවත්වයි.


පැහැරගැනීමට පෙර වහනය 


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us