Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මන්ත්‍රී ජයලත් ජයවර්ධනගේ අවසන් කටයුතු සඳුදා...
හිස්වුණු පුටුවට අජිත් මාන්නප්පෙරුම....

සිංගප්පූරුවේදී අභාවප්‍රාප්තවූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ දේහය අද (30) සවස ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබේ.

ඒ පිළිබඳ සියලු කටයුතු මේවන විට සූදානම්ව ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 03 වන සඳුදා දින ජා-ඇළ, වැලිගම්පිටියේ ශාන්ත ආනා සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

ජයලත් ජයවර්ධන මහතාගේ හදිසි අභාවය සමගින් පුරප්පාඩු වන මන්ත්‍රී අසුනට මීළඟට පත්වනු ඇත්තේ ගම්පහ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම මේවන විට බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අජිත් මාන්නප්පෙරුම මහතාය.

2010 මහමැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ දොස්තර ජයලත් ජයවර්ධන මහතාට පසුව වැඩිම මනාප ලබා තිබුණේ සරච්චන්ද්‍ර රාජකරුණා මහතා වුවත් මේවන විට ඔහුද ජීවතුන් අතර නොවීම හේතුවෙන් අනතුරුව මනාප ලබා ඇති මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිත බව සඳහන්ය.

1953 වසරේ අගෝස්තු මස 16 වන දින උපත ලද ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසුවූ අතර 1994 වසරේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු එම පක්ෂයේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය හැදෑරූ දොස්තර ජයලත් ජයවර්ධන මහතා රුසියාවේ මොස්කව් හි රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ ද උපාධිධරයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරියෙකු වූ හෙතෙම එම පක්ෂයේ සහනාධාර සහ මානව හිමිකම් කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කළේය.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us