
වෑන් කාර් ගෙන්වා මාට්ටු...
පාපැදි ආනයනය කරන මුවාවෙන් නීතිවිරෝධීව ජපානයෙන් මෙරටට ආනයනය කර තිබු මෝටර් රථ දෙකක් හා හයි ඒස් වෑන් දෙකක් රේගු භාරයට ගෙන තිබේ...
රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක පමණ වටිනාකමින් යුත් මේ වාහන හතර කෑලි ගලවා
අඩි 40 ක කන්ටේනරයේ අසුරා තිබූ බව පැවසෙනවා.
නුගේගොඩ ප්රදේශයේ වාහන ආනයන ආයතනයක් පවත්වා යන අයෙකු කොළඹ කෙයිසර් වීදියේ සාප්පුවක ලිපිනයකට මෙම කන්ටේනරය ගෙන්වා තිබුණා.
පාපැදි හා අමතර කොටස් යයි සඳහන්ව තිබුණත් එහි එවැන්නක් නොවුණ බවට ඔත්තුවක් ලැබුණ නිසා ඔරුගොඩවත්ත අංගනයේදී රේගු නිලධාරීන්ගේ අධීක්ෂණයට මෙය ලක්විය...
රේගුව නොමග යවමින් වැඩි වටිනාකමින් යුත් වාහන හොරට ආනයනය කිරීම නිසා අදාළ සැකකාර වයාපාරිකයා සහ එම ලිපිකරු අත්අඩංගුවට පත්වූ අතර වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකය.







