Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වියදම රුපියල් කෝටි 250 ක්..
සමුළුවෙන් පසු වාහන වලට මොකද වෙන්නේ..?
ප්‍රභූ වාහන ආනයනයෙන් කෝටි 600කට වැඩි පාඩුවක්..

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා යැයි කියමින් රොල්ස් රොයිස් කාර් 12 ක් සහ BMW වර්ගයේ කාර් 100ක් පමණ ආනයනය කිරීම‍ට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් රොල්ස් රොයිස් කාර් රථයක මිල දළ වශයෙන් රුපියල් කෝටි 6 ක් පමණ වන අතර BMW 7 කාණ්ඩයේ රථයක් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් පමණ වේ.
මේ අනුව කාර් රථවල වටිනාකම රුපියල් කෝටි 250 ක් පමණ විය හැකි බව සඳහන් වේ. මෙම මිල ගණන් තීරු බදු රහිත මිල වන අතර තීරු බදු සහිතව කෝටි 875 ක් පමණ වනු ඇත.

මෙම කාර් රථ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව අවසාන වූ පසු කුමක් කරන්නේද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් වී නැති අතර බොහෝ විට ආණ්ඩුවේ ප්‍රබලයින් අතර බෙදාගනු ඇත. මේ අනුව වාහන ආනයනයෙන් රජයට අහිමි වන බදු මුදල රුපියල් කෝටි 625 කි.

2010 වසරේ IFFA උළෙල සඳහාද මෙලෙස කාර් අනයනය කළ අතර එම කාර් රථ වලට පසුව කුමක් සිදු වීද යන්න තවමත් අනාවරණය වී නැත.

පසුගිය කාලයේ කාල්ටන් මෝටර් රථ ධාවන තරග සඳහා යැයි කියමින් ලැම්බෝගිනි ඇතුළු අධි සුඛෝපභෝගී රේසිං කාර් බදු රහිතව ආනයනය කරනු ලැබූ අතර ආනයන ලියකියවිලිවල සඳහන්ව තිබුණේ තරග අවසානයේ ඒවා ආපසු රැගෙන යන ලබන බවය.

දින 03 ක් පමණක් පැවැත්වෙන සමුළුවක් වෙනුවෙන් රටේ මුදල් කෝටි ගණනක් වියදම් කරමින් කාර් රථ ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සඳහා ලිමොසින් වැනි කාර් කුලී පදනම මත පහසුවෙන් ලබාගත හැකිව තිබියදී තීරු බදු රහිතව කාර් රථ ගෙන්වා ගැනීම ආණ්ඩුවේ ඉහළම කිහිපදෙනෙකුගේ වුවමනාව අනුව සිදුවන්නක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us