
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ විවෘත කරන ලද පසුගිය මාර්තු 18 වන දින සිට මැයි 5දා දක්වා එම ගුවන් තොට හරහා පැමිණ ඇති විදේශීය මගීන් සංඛ්යාව 1,258ක් බව ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු වාර්තාවකින් අනාවරණ වේ.
මේ කාලය තුල ගුවන් තොටට පැමිණි මුළු මගීන් ගණන 3,477ක් වන අතර ඉන් 2,219ක් දෙනා දේශීය මගීන් බවද එහි සඳහන්ය.
ගුවන් යානා මෙහෙයුම් වාර ගණන 75ක් වන අතර 40,116ක භාණ්ඩ අපනයනය කර ඇති අතර එම භාණ්ඩ බර කිලෝග්රෑම් 4,624ක් බවද එම වාර්තාවේ දැක්වේ.




