Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අලෙවි සල් ආරම්භ කිරීමට කඩිනමින් ටෙන්ඩර් කැදවන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කියයි.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවැසුවේ මත්තල හරහා පැමිණෙන ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ ලබා ගැනීමට අලෙවි සල් ඇතිකිරීම මඟින් වැඩි මගීන් ප්‍රමාණයක් ගුවන් තොටුපොළට අද්දවා ගැනීමේ හැකියාව තිබෙන බවයි.
තීරු බදු රහිත අලෙවි සල් නොමැති වීම නිසා මැදපෙරදිග සේවය නිමවා මත්තල ගුවන් තොටුපොළ හරහා පැමිණීමට මගීහු මේ වනවිට යම් මැළිකමක් දක්වති. අමාත්‍යවරයා පැවැසුවේ මෙම සාප්පු සංකීර්ණ ඇතිකිරීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසුව දේශීය හෝ විදේශීය සමාගමකට ගුවන් තොටුපොළේ තීරු බදු රහිත අලෙවිසල් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදෙන බවයි.

මීට අමතරව මත්තල ගුවන් තොටුපොළේ තීරු බදු රහිත අලෙවි සල් පිහිටුවීම සඳහා නිර්දේශ ලබාදීමට හා කටුනායක ගුවන් තොටුපොළේ තීරු බදු රහිත අලෙවිසල් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නිර්දේශ ලබාදීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍රර් රුබේරු මහතාගේ නායකත්වයෙන් යුක්ත 06 පුද්ගල කමිටුවක්ද අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ ඇත. මෙම කමිටුව විසින් මාසයක් ඇතුළත මෙම නිර්දේශ ලබාදිය යුතුව ඇතැයි අමාත්‍යවරයා පැවැසීය. මම කියා තිබෙනවා කොළඹ ඉඳන් මෙම නිර්දේශ ලබා දෙන්න එපා කියලා.

මෙම කමිටුව මෙම නිර්දේශ ලබාදීමට පෙර මත්තල ගුවන් තොටුපොළට ගොස් විමර්ශනයක් කළ යුතුයි යනුවෙන් ආමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එයාර් ඇරබියා ගුවන් සේවය තාවකාලිකව මත්තලට පියාසර කිරීම නතර කර තිබෙන නමුත් ඉදිරියේදී පියාසර කිරීමට සූදානම් බවත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවයද මත්තලට පැමිණීමට නියමිත බවත් අනාවරණය වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us