Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දරුවන් මරුට - මව අත්අඩංගුවට..

මානසික ආබාධයකින් පෙලුන මවක් අද (17) උදේ සිය දරුවන් තිදෙනා ළිඳකට දමා ඇයද ළිඳට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇති අතර මවගේ දිවි බේරී දරුවන් තිදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ.

සිද්ධිය වාර්තා වන්නේ වව්නියාව,පාඬිකුළම් ප්‍රදේශයෙනි.
මෙම කාන්තාව දෙමළ ජාතික කාන්තාවක් වන අතර ඇගේ සැමියා සුමනසිරි විජය කුමාරතුංගයි. මොහු ඊයේ (16) පෙරවරුවේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් එහි නිලධාරින් හමු වී පවසා ඇත්තේ සිය බිරිඳ මානසික ආබාධයකින් පෙළෙන බැවින් දරුවන් තිදෙනා රැක බලා ගැනීම කළ නොහැකි බැවින් දරුවන් සුදුසු ළමා නිවාසයක නේවාසිකව තබන්නට කටයුතු යොදන ලෙසයි.

අනතුරුව ඔහු වව්නියාව මහා රෝහලට ගොස් බිරිඳගේ මානසික අබාධයට අවශ්‍ය කරන බේත් වර්ග කිහිපයක්ද ලබා ගෙන යළි නිවසට පැමිණ තිබෙන බව කියයි.

අද උදේ ඔහු ළමා නිවාසයක් සොයා ගන්නට ගිය අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදු වී තිබේ. වයස අවුරුදු එකහමාර , තුන සහ හතරක් වන ගැහැණු දරුවන් තිදෙනා නාවන්නට ළිඳට රැගෙන යන බව පවසා පිට වී ගිය මෙම කාන්තාව දරුවන් තිදෙනා පළමුව ළිඳට දමා ඇත. අනතුරුව ඇයත් ළිදට පැන ඇති අතර දියේ ගිලෙද්දී ඇය ලණුවේ එල්ලී කෑ ගසන්නට පටන් ගෙන තිබේ.

 එම අවස්ථාවේ රැස් වූ අසල්වාසීන් විසින් කාන්තාව ගොඩට ගෙන ඇත. දරුවන්ගේ සිරුරු තවමත් ගොඩට ගෙන නැත. මෙම කාන්තාවට තවත් දරුවන් දෙදෙනෙක් සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ එක් දරුවෙක් පාසල් ගොස් සිට ඇත. අනෙක් දරුවා ආත්තම්මා භාරයේ පසු වේ. මේ වනවිට කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන සිටී.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us