Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එල්ටීටීඊ සංවිධානයට අවි සහ යුද උපකරණ සැපැයූ ප්‍රභාකරන්ගේ පාසල් මිතුරකු වූ ගුණසුන්දරම් ජෙයසුන්දරම්ට මසක සිරදඬුවමක් සහ වසරක් පුනරුත්ථාපනයේ නිරත වන ලෙස කොළඹ මහාධිකරණයෙන් නියම විය.

කොළඹ මහාධිකරණ විනිසුරු විසින් මේ දඬුවම් නියම කෙළේ පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරුන්ගේ දේශනවලට අවධානය යොමු කිරීමෙන් අනතුරුවය.

මේ විත්තිකරු මුල් වතාවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තිය අනුව ත්‍රස්තවාදී සැහැසිකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, එල්ටීටීඊ සංවිධානයට අවි සැපැයීම ආදී චෝදනාවන්ට වරදකරු බව පිළිගනිමින් අධිකරණයට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියේය.

අධිකරණයේ අවසරය ලැබීමෙන් පසු විත්තිකරු පැවැසුවේ තමා ප්‍රභාකරන්ගේ පාසල් සමයේ සිට මිතුරකු බවත් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ත්‍රස්තවාදී ක්‍රියා කිරීමට සිංගප්පූරුව, මැලේසියාව සහ ජපානය වැනි රටවලට ගොස් අවි ආයුධ සහ වෙනත් අවශ්‍ය දෑ එල්ටීටීඊ සංවිධානයට නැවක් මිලට ගෙන යාපනයට ප්‍රවාහනය කළ බවද පැවැසීය.

ත්‍රස්තවාදයෙන් දමිළ ජනතාවට අගතියක් මිස සුගතියක් නොවන බව අවබෝධ කරගෙන අතීතයේ කළ වැරැදිවලට පසුතැවෙන බවත් ත්‍රස්තවාදය හෙළා දකින බවත් තවදුරටත් එම අදහස්වල එළැඹී සිටින අයට ඉන් ඉවත් වී සාමකාමීව ජීවත් වීමට පටන් ගන්නා ලෙස දෙමළ ඩයස්පෝරාවට සහ සියලුම දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු පවසා ඇත. ත්‍රස්තවාදයෙන් දෙමළ ජනයාට කිසිදු සුගතියක් සිදු නොවන බවද ඒ නිසා ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව බරපතළ හිංසාවටත්, මරණයටත් පත්වූ බව ජාත්‍යන්තරව හඬ නගා කීමට කැමැත්තෙන් පසුවන බවද විත්තිකරු පවසා ඇත.

විත්තිකරුගේ මේ ප්‍රකාශයෙන් පසු පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ සමින්ද්‍ර වික්‍රම මහතා ඔහුට නගා ඇති චෝදනාවල සංශෝධනයක් කිරීමට අවසර පතා ඇති අතර ඒ අනුව ත්‍රස්තවාදී පනතේ 5 වැනි වගන්තිය අනුව මුලින් ඔහුට පවරා තිබූ චෝදනාවන්ට වඩා සරල චෝදනා 15ක් නගා චෝදනා සංශෝධන කර ඇත.

අවසානයේ දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නගා ඇති චෝදනා 15ට මාසය බැගින් සිරදඬුවම් නියම කෙළේ මාසයෙන් ගෙවී යන අන්දමටය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us