Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බොරැල්ලේ ජයරත්න මල් ශාළාව ඉදිරිපිටවිරෝධතා...
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… 

UPDATE 20.42 PM 2013/05/26
කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානය, අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මාලිගාකන්ද අධිකරණය විසින් අපවත්වී වදාළ හිමිනමගේ දේහය එම විහාරස්ථානයේ විහාරාධිපති වෙත භාරදීමට, නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව, බෝවත්තේ - ඉන්දරතන හිමියන්ගේ දේහය පොලිසිය විසින්  රත්නපුරයට රැගෙන ගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.

සිරුරට ගිනි තබා ගැනීමෙන් අනතුරුව, අපවත්වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය අද (26) රාත‍්‍රියේදී උන්වහන්සේ වැඩ විසූ කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිතය.

අපවත් වී වදාල බෝවත්තේ  ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29 වැනි බදාදා සිදුකිරීමට කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානයයේ දායක සභාව සහ අවමංගල්‍ය කමිටුව අතර අද පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

UPDATE 12.23 PM 2013/05/26
සිරුරට ගිනි තබා ගැනීම නිසා අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනමගේ දේහය රත්නපුර කහවත්ත ප්‍රදේශයට රැගෙන යන බව පැවසීමත් සමග භික්ෂුන් වහන්සේ දෙපිරිසක් අතර මේවන විට මත ගැටුමක් හටගෙන තිබේ.

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක් ඉදිරිපිටදී අද (26) පෙරවරු 10.45ට පමණ ඇති වූ එකී මත ගැටුම නිරාකරණය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද එම ස්ථානයට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

අපවත් වූ හිමිනමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කොළඹ වෛද්‍ය විද්‍යාලයේදී සිදුකෙරුණි.අපවත් හිමිනමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹදී සිදුකිරීමට ඇතැම් බෞද්ධ සංවිධාන වැඩි කැමැත්තකින් පසුවන බව සඳහන්ය.

විරෝධය දක්වන්නේ ‘සිංහල රාවය’ සිංවිධානයේ ගිහි-පැවිදි පිරිසක් විසිනි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us