නඩුවෙන් නිදහස් කිරීමෙන් පසු ධර්මසිරි නමැත්තාට එල්ල වී තිබූ තර්ජන හේතුවෙන් මෙලෙස ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව එම ගුවන් විදුලිය වැඩිදුරටත් සඳහන් කළේය.
2012 වසරේ ජනවාරි මස 31වෙනිදා කහවත්ත කොටකෙතන ප්රදේශයේදී 51 හැවිරිදි මවක් සහ 18 හැවිරිදි දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණ.අදාළ ඝාතන නඩුවේ සිව්වන සැකකරු වූ ධර්මසිරි මහතා නීතිපති උපදෙස් මත නිදහස් කෙරුණේ ඉකුත් අපේ්රල් මාසයේදීය.
කෙසේ වෙතත් ධර්මසිරි නමැත්තා නිදහස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු බලපෑමක් නොකළ බව වාර්තාවිය.




