![]() |
| පූජ්ය බෝවත්තේ ඉන්ද්රරතන හිමි |
හිමියනි නුබේ හද නිසල විය නැගු හඩ සදාකල් විය..
ඔබට නිවන් සුව ලැබේවා..!
සිරුරට ගිනිතබා ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත්රික් සභාපති පූජ්ය බෝවත්තේ ඉන්දරතන හිමියන් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියිදී මින් ටික මොහොතකට පෙර අපවත් ව ඇති බව වාර්තා වේ...
ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය අනිල් ජාසිංහ සඳහන් කළේ උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්යවරුන් ඇතුලූ රෝහල් කාර්යමණ්ඩලය දැඩි උත්සාහයක නිරතවුණත් දැඩි ලෙස පිළිස්සුම් තුවාල සිදුව තිබීම නිසා එය ව්යවර්ථ වූ බවයි.
රෝහල් ප්රකාශිකාවක් පැවසුවේ උන්වහන්සේ අද රාත්රී අටයි 10යට පමණ අපවත් වූ බවයි. උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබූ බවයි ඇය සදහන් කළේ.
මේ අතර මහනුවර ශ්රී සුගත පුරාණ විහාරයේ වැඩවිසූ පූජ්ය බෝවත්තේ ඉන්ද්රරතන හිමියන් ගිනි තබාගැනීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී පූජ්ය අතුරලියේ රතන හිමියන් පවසයි.
මේ සම්බන්ධයෙන් සිය පක්ෂය දැනුවත් වූයේ නම් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව උන්වහන්සේ පෙන්වාදෙයි...

මේ වගේ ජීවිත පූජාවක් කරනවා මීටත් වඩා සමාජ ප්රකම්පනයක් ඇති වන ආකාරයෙන් එය කරන්න තිබුණ බව ද උන්වහන්සේ පවසයි.කෙසේ වෙතත් උන්වහන්සේ ජීවිත පූජාවෙන් කළ එම ක්රියාව ස්වල්ප කොට, විහිළුවක් කොට තැකිය නොකළ යුතු බව උන්වහන්සේ කියයි.
කෙසේ වුවද ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ බී.බී.සී. ලෝක සේවය සමග මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.එහිදී උන්වහන්සේ පෙන්වා දී තිබුණේ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම යහපත් ආදර්ශයක් නොවන බවයි.
ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමය පක්ෂයේ සාමාජිකයෙකු බව පෙන්වා දී ඇති සෝභිත හිමියන් සඳහන් කර ඇත්තේ මෑතක් වන තෙක්ම උන්වහන්සේ සිය පක්ෂයේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.
ගව ඝාතනය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පූජ්ය බෝවත්තේ ඉන්ද්රරතන හිමියන් සියදිවි නසා ගැනීමට උත්සාහ ගන්නා ලදී.මේ අතර ගව ඝාතනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් තමන් වහන්සේ විසින් දැනටමත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව ද අතුරලියේ රතන හිමියන් පැවසීය.
අපි දැන් කතා කළ යුත්තේ මේ රටේ පාලකයින් සහ සියලු දෙනා මීට සංවේදී වී නීති විරෝධී ඝාතනය සම්පූර්ණයෙන් නැවැත්විය යුතු බව යැයිද උන්වහන්සේ අවධාරණය කළේය.
හිමිනම බේරා ගැනීමට මාධ්යවේදීන්ට ඉඩ තිබුණා නොවේද?
මාධ්ය සදාචාරය සම්බන්ධයෙන් සියලු මාධ්ය අතර එකඟතාවක් ඇති කර ගත යුතු බව ජනමාධ්ය හා ප්රවෘත්ති අමාත්යංශයේ ලේකම් චරිත හේරත් මහතා පවසයි.
ඇතැම් සිදුවීම් වාර්තා කිරීමට පෙර එය වළක්වා ගැනීම සදහා ජනමාධ්යවේදීන් ද පියවර ගත යුතු බව ඔහු පෙන්වාදෙයි.
භික්ෂූන්වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවිනසා ගැනීමට දැරූ උත්සාහය පිළිබද ඇතැම් මාධ්ය වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චරිත හේරත් මහතා මේ බව පැවසීය.
තමන්ට ප්රවෘත්තිමය වටිනාකමක් ඇතැයි පවසා විශාල ව්යවසනයක් සිදුවෙන්න හැර පටිගත කිරීම මාධ්ය සදාචාරය තුළ නොගැලපෙන්නක් බව හෙතෙම පෙන්වාදෙයි.
එසේම තමන් සියදිවි හානිකර ගන්නා බව පවසා එය වාර්තා කරන්න එන්න යැයි කී විට කළ යුත්තේ වහා ඒ ගැන වහා පොලීසියට දැන්වීම මිස එය පටිගත කර චිත්රපටයක් මෙන් විකාශය කිරීම නොවන බව ඔහු පෙන්වාදෙයි.
මෙවැනි සිද්ධීන් ගැන රජය පැත්තෙන් කතා කළොත් ප්රවෘත්තිවල ස්වාධීනත්වයට බාධා කළා යැයි චෝදනාවද එල්ල වන බව හෙතෙම කියයි.
- පෙර පුවත -






