
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය විසින් පවත්වනු ලබන සිරස වෙසක් කලාපය ලෙස නම් කර ඇති කොළඹ 2 බේබෲක් පෙදෙස සිරස මාධ්ය ජාලයේ මූලස්ථාන පරිශ්රයේදි දිවයිනේ ප්රථම ඩිජිටල් සජීවිකරණ ටෙලි තොරණ ඊයේ (24) රාත්රී මහජන ප්රදර්ශනය සදහා විවෘත කර තිබේ..
කතාවස්තු 3 කින් සමන්විත එය චිත්ර නිර්මාණ 100කට වැඩි ප්රමාණයකින් සමන්විත බවද පැවසේ...
සාරිපුත්ත මොග්ගල්ලාන කතා වස්තුව, අංගුලිමාල මහරහතන් වහන්සේ කතා වස්තුව, දේවදත්ත කතා වස්තුව තොරණින් නිරූපිතය.
මෙම ඩිජිටල් සජිවිකරණ ටෙලි තොරණ උසින් අඩි 48ක් හා පළල අඩි 82කින් යුක්තවේ.සිරස වෙසක් කලාපය ඊයේ දිනයේ දී ආරම්භ වූයේ ධාතූන් වහන්සේ ප්රදර්ශනයත් සමගිනි.
බුදුරජානන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ, අට්ඨි ධාතූන් වහන්සේ සහ අග්රශ්රාවක ධාතූන් වහන්සේ ඇතුළු මහරහතන්වහන්සේ 12 නමකගේ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දුලභ අවස්ථාව සිරස වෙසක් කලාපයට පැමිණෙන සැදැහැවතුන්ට අද දිනයේත් උදාවන බව එහි සංවිධායකයින් පවසති.




