Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වහාම ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීමේ සිදුවීම පාදක කර ගනිමින් හෝ අදාළ පියවර ගත යුතු බව එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ගව ඝාතනය මෙරට බෞද්ධ සහ හින්දු බහුතර ජනතාව දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන බව ඔහු පෙන්වාදෙයි....
එම ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.

ඊයේ (24) යෙදී තිබුණු වෙසක් පුන් පොහෝ දින අපට ඉතාමත් සංවේගජනක පුවතක් අසන්නට ලැබිණි. ඒ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් වන පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිපාණන් ගව ඝාතනය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ අසලදී සිය සිරුරට ගිනිතබා ගැනීමේ පුවතයි. ඒ පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් සංවේගය පළකර සිටින්නෙමු. මේ සිදුවීමත් සමග පහත සඳහන් කරුණු කෙරෙහි රටක් ලෙස අපගේ දැඩි අවධානය යොමු විය යුතුව ඇත.

ගව ඝාතනය මෙරට බෞද්ධ ජනයා මෙන්ම හින්දු භක්තිකයන්ද දැඩිසේ පිළිකුල් කරන්නකි. එය අනුමත කරන්නේ ශ‍්‍රී ලාංකීය සමාජයේ ඉතාමත් සුළු පිරිසකි. හින්දු භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දියාව තුළ ගව ඝාතනය තහනම් කර ඇති අතර එරට හින්දු භක්තිකයෝ තම කෘෂිකාර්මික දිවි පෙවෙතට උපකාරී වන්නා වූ ගවයාට තෛපොංගල් වැනි උත්සවවලදී කෘතවේදීත්වය පුද කිරීමට තරම් කාරුණික වෙති.

එසේ තිබියදී එවැනිම වූ කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාව තුළ දිගින් දිගටම ගව ඝාතනය සිදුවීම බලවත් කනගාටුවට කරුණකි.

එබැවින්, ඉහත කී සංවේගජනක සිදුවීම පාදක කරගෙන හෝ වහාම ශ‍්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම) නායක,

ජාතික නිදහස් පෙරමුණ,

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා

පොදු පහසුකම් අමාත්‍ය

2013.05.25

-adaderana-

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us