
කටාර් රාජ්යයේ කර්මාන්ත ශාලාවක කළමණාකරුවකු සතුව තිබූ එම බ්ලවුසය එහි සේවය කළ මාතලේ,රෙඩ්බානාගම,පදිංචි සමන් අසේල මහතාවිසින් ශාස්ත්රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත අද (29) උදැසන බාරදී තිබේ.
සමන් අසේල මහතා එම බ්ලවුසය බාරදෙමින් කියා සිටියේ කටාර් රට තුළ බුදු දහමට නිගරු කිරීමේ මෙවැනි දේ සිදු වෙන බවයි.
උකුවෙල ශාසාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, පුරිජ්ජල ශ්රි සංඝබෝධි පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමි පැවසුවේ “සමන් අසේල මහතා විසින් බාර දෙන ලද මෙම ඇදුම ලාංකිකයකුට අතට ලැබුණ නිසා ගෙනවා.නැත්නම් විවිධ ආකාරයෙන් බුදු රුවට නිග්රහ වෙන්න ඉඩ තිබුණා.
වර්තමානය වන විට මේ නිර්මල බුදු දහම විනාශ කිරීමේ දේශිය හා විදේශිය බලවේග විසින් කුමන්ත්රණයක් සිදු කරන බැවින් සිංහල බෞද්ධයින් හැටියට බුදු දහම ආරක්ෂා කිරිමට නිරතුරුව කැප විය යුතු බවයි.




