
වරකාපොල - කොහොඹදෙණිය පානීය ජල ව්යාපෘතියට හානි සිදුකර රුපියල් ලක්ෂ 10 කට වැඩි අලාභයක් සිදුකිරීම ඇතුලූ චෝදනා 4 ක් මුල් කර ගනිමින් නීතිපති උපදෙස් මත මෙලෙස නඩු පවරා ඇත.
වරකාපොල ප්රධාන මහේස්ත්රාත් අවන්ත ලක්මාල් වික්රමසූරිය හමුවේ නඩුව (29)කැඳවූ අවස්ථාවේදී සැකාකර ජ්යෙෂ්ඨ අමාත්ය ආතාවුද සෙනෙවිරත්න අධිකරණය හමුවේ පෙනී සිටයේ නැත.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස අධිකරණය හමුවේ පෙනී නොසිටි බව ඔහුගේ නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේ ය. ජූලි මස 5 වැනිදා නඩුව යළි විභාග කෙරෙන අතර එදිනට සියලූ විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කර සිටියේ ය.




