Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැතිනි ඉන්ග්ලක් ෂිනවාත්‍රා (Yingluck Shinawatra) මහත්මිය හෙට (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන අගමැතිනිය දෙරට අතර පවත්නා ද්වීපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්කර ගැනීමට අපේකෂා කරන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ තායිලන්ත අගමැතිනියගේ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (31) සිදුකෙරෙන අතර එම සාකච්ඡාවට සමඟාමීව දෙරටට වැදගත්වන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබේ.
මේ අතර ඒ මහත්මිය කොළඹදී පැවැත්වෙන තායිලන්ත ව්‍යාපාරික සංසඳයේ හමුවක් සඳහාද සහභාගි වීමට නියමිතයි.

තායිලන්ත අගමැතිනි ෂිනවත්‍රා මහත්මිය හෙට (31) පස්වරු 2.45 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමැතීමට නියමිත අතර ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන තුන්වැනි විදේශ අගමැතිනිය බවට ඒ මහත්මිය පත්වෙයි.

මීට පෙර ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට්‌ තැචර් මහත්මීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා තිබෙන අතර ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු, පාකිස්තානයේ හිටපු ජනාධිපති අලී භූතෝ, තායිලන්තයේ හිටපු අගමැති තක්‌සේන් ෂිනවත්රා, පාකිස්තානයේ හිටපු ජනාධිපති මොහොමඩ් අයුබ් ඛාන් මහත්වරුන්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව තායිලන්ත අගමැතිනිය මහනුවර බලා පිටත්ව යන අතර එහිදී අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සහ මල්වතු පාර්ශවයේ මහානායක මිගෙට්ටුවත්තේ ශ්‍රී සුමංගල මහනාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ උපසම්පදාව පිහිටුවීම නිමිත්තෙන් පැවැත්වෙන පිංකමටද සහභාගිවන ඒ මහත්මිය අනතුරුව ශ්‍රී දළඳා වහන්සේ වැඳපුදා ගැනීමටද නියමිතයි.

පසුගිය 2012 වසරේ මැයි මාසයේදී තායිලන්තයේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරය අතරතුර තායිලන්ත අගමැතිනිය හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

-Dinamina-

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us