Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හෙට සංකේත වැඩවර්ජනයටත් කලින් ආණ්ඩුව බයවෙලා...රනිල්

හෙට (21) සංකේත වැඩවර්ජනය ආරම්භ කිරීමටත් පෙර ආණ්ඩුව බියවී ඇති බවත් ඒ අනුව වර්ජනය කඩාකප්පල් කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාසල්වල සීල සමාදාන වැඩසටහන් හෙට ක්‍රියාත්මක කරන ලෙසත් ඇතැම් ආණ්ඩුවේ ආයතනවල සේවකයින්ගේ නිවාඩු හෙට අවලංගු කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මෙවැනි ක්‍රමවලින් හෙට වර්ජනය අසාර්ථක එකක් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සහා ගන්නේ යැයි අද (20) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැති උත්සවයකදී විපක්ෂනායකවරයා පැවසීය.
එජාප සන්නිවේදන බලකාය සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් එම උත්සවය පැවැත්විණ.ලයිට් බිල වැඩි කළේ දූෂණය පියවා ගැනීමට, මත්තලට ගෙවීමට, එයාර් බස් 10ක් ගෙන්වීමට බව විපක්ෂනායකවරයා එහිදී පෙන්වා‍දුන්නේය.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවලට විරුද්ධව ආණ්ඩුව ද සිය පාක්ෂිකයින් බලයෙන් ගෙන්වා ගත් බවත් එසේ පෙළපාළිවල ගිය අය ඉදිරියේදී අනිත් පැත්තට හැරී ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙනු ඇති බවත් ඔහු පැවසුවේය.

වෘත්තීය සමිති විසින් හෙට වැඩවර්ජනයක් කැඳවා ඇති බවත් ඊට එජාපයේ සහයදෙන අතරම ඉදිරියේදී සියලුදෙනා ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සවීමට ඒ අනුව හැකි වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

කෙසේ වුවද සංකේත වැඩවර්ජනය ආරම්භ කිරීමට ආණ්ඩුව බියවී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
එසේම මාධ්‍ය කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවත් පෞද්ගලික මාධ්‍යයට නිදහසක් නැති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

එම නිසා තමාට අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශන යන්ත්‍ර ලක්ෂ 10ක් රට තුළ ආරම්භ කිරීම බවද එම සන්නිවේදන බලකාය සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීම වැදගත් බවද ඔහු එහිදී වැඩිදුරටත් කීවේය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us