Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිරුණිකා කූඩැල්ලකු වගේ මගේ ඇඟේ එල්ලී දේශපාලනය කරන්න හදනවා..

හිරුණිකා කූඩැල්ලකු නම් දුමින්ද ලෙස්සලා යන ගැරඩියෙක්ද ?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එකොළොස් වැනි සැකකරු වූ දුමින්ද සිල්වා මහතා ඊයේ (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

එහිදී දුමින්ද සිල්වාට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. අධිකරණය තුළ හා අධිකරණයෙන් පිටත මෙම ආරක්ෂාව යොදා තිබුණි.

කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.පී.ජයසේන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ක්‍රියාත්මක විය.
එහිදී දුමින්ද සිල්වා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර සිටියේ..

"හිරුණිකා කියන්නේ මගේ ඇඟේ එල්ලිලා දේශපාලනය කරන්න හදන කූඩැල්ලෙක්" යැයි ලෙසය..තමාට එරෙහිව අධිකරණයේ නඩුවක් තිබෙන බැවින් වැඩිපුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවද දුමින්ද සිල්වා මහතා පැවැසීය...භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය නිමවී අධිකරණයෙන් පිටවී යන අවස්ථාවේදී එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් දුමින්ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කෙළේය.

මෙම නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටින බව ප්‍රකාශ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අවස්ථා 2කදී අධිකරණය තුළට පැමිණියද, පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා පැමිණ නඩුව කැඳවන අවස්ථාව වන විට ඇය අධිකරණය තුළ දක්නට නොවීය.

ඒ පිළිබඳ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කෙළේ නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණය හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද නීති විද්‍යාලයේ විභාගය නිසා අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වූ බවයි.

තමාට "කූඩැල්ලා" යැයි චෝදනා කළ විත්තිකාර දුමින්ද සිල්වා මහතාට පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය වැඩිදුරටත් පැවැසුවාය. මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකරුවන් 10 දෙනාටම ජූලි 02 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කෙළේය.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ පැවැති අතර, අගතියට පත් භාරත පාර්ශවයේ නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දුමින්ද සිල්වා වෙනුවෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසය.

එහෙත් මීට විරුද්ධ වෙමින් දුමින්දගේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ ඔහු අධිකරණයට පැමිණෙන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාවක් අවශ්‍ය නොවන බවයි. විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අධිකරණයට දන්වා සිටියේ දුමින්ද සිල්වා අධිකරණයට පැමිණෙන නිසා එවැන්නක් අවශ්‍ය නොවන බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

"මේ අමු අමුවේ හතර දෙනෙක් මරලා දාලා විශාල පිරිසක් මං හිතන්නේ හෙලා දකිනවා සත්‍ය ජය ගනී කියලා ප්‍රාර්ථනා කරන කොටසකුත් ඉන්නවා ඉතින් කියන්න තියෙන්නේ බුද්ධිමත් උගත් සත්‍යගරුක දුක හඳුනන අපේ මේ වෙච්ච සිද්ධිය හෙලා දකින සියලුම දෙනාටම මම කියන්නේ එක මොහොතක් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න කියලා. මං හිතනවා දෙවියෝ නිසි තීන්දුවක් දෙයි කියලා"
ඡායාරූපයෙන් දැක්වෙන්නේ මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අධිකරණය වෙත පැමිණි අයුරුයි











Hirunika a leech Duminda..

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us