
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ලයිට් බිල හිලව් වීම සදහා තමන් සතු ජෙනරේටර් දෙකක් විදුලිබල මණ්ඩලයට ලබා දීමට (06) දින කටයුතු කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු හිගය මේ වන වන විට කෝටි 08 ක් වී ඇත.
2011 වසරේ ශ්රී ලංකාවේ පැවති ක්රිකට් ලෝක කුසලානය සදහා ක්රිකට් ආයතනය මේ ජෙනරේටස් මිලදී ගෙන ඇත.
ජෙනරේටස් සීරෝ ඩවුන් ටයිම් ජෙනරේටස් ලෙස හදුන්වනු මෙම ජෙනරේටර් විදුලිය විසන්දිවීමකදී තත්පරයක් හෝ විදුලිය බිද වැටීමකින් තොරව සැපයීම් සිදුකරන ජෙනරේටස් විශේෂයකි. රුපියල් මිලියන 61 යි දශම 08 කට ක්රිකට් ආයතනය මිලදී ගෙන ඇති මෙම ජෙනරේටර් දෙක පසුගිය දිනවල කොළඹ ආර්. ප්රේමදාස සහ පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩා පිටිවල භාවිතයට ගෙන ඇත.
ජෙනරේටස් දෙක විදුලිබල මණ්ඩලයට විකුණනු ලැබුවේ මිලදී ගත් වටිනාකමටම බව ක්රිකට් ආයතනය පවසයි. මෙන්ම මුදල් හුවමාරුවක් සිදු නොවූ අතර හිග මුදල් සදහා කපා ගැනීමක් පමණක් එයින් සිදු කළ බවත් ඔවුන් පවසයි. කෙසේ වෙතත් ක්රිකට් තරගාවලියක් සදහා ඉල්ලුම් කරනු ලබන ඕනෑම අවස්ථාවක ජෙනරේටස් දෙක නැවත ලබා දීමට එකගතාව මත මෙම හුවමාරුව සිදුකල බව ක්රිකට් ආයතනය පවසයි.




