
විනයක් නැති කෙනා මහියංගණයටත් සුදුසු නෑ..
-ප්රා. ස. මන්ත්රී ලංකා විජිත කුමාර...
ශ්රී ලංකා නිදහස් පක්ෂ ලේකම් අමාත්ය මෛත්රීපාල සිරිසේන මහතා අතගාමින් සිටින බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්ය මර්වින් සිල්වා මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) ගංවතුරින් අසරණව සිටින කැලණිය - පෙතියාගොඩෙ, ජනතාවගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේදීය.
ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ කැලණිය ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් විසින් තමාට එල්ලකර ඇති විනය විරෝධී ක්රියා සම්බන්ධ චෝදනා ගැන සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, එහි වාර්තාව මෙතෙක් නිකුත්වී නැති බවයි.
එක්කෝ තමා වැරදිකරු කළ යුතුබවත්, නැත්නම් නිවරදිකරු කළ යුතු යැයිද, එසේ නොකොට මෙසේ කාලය ගත කිරීමෙන් තමන්ගෙන් ජනතාවට වන සේවය අඩුවී ඇති බවද ඔහු කීය.
තමාට දැන් ආසනයක් නොමැතිවීම නිසා තැනින් තැන අසරණව සිටින අයට පිහිට වෙමින් හැකි පමණින් ජනතා සේවය කරන බවද මර්වින් අමාත්යවරයා පැවසීය.
මර්වින් අමාත්යවරයා මෙසේ පවසද්දී කැලණිය ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ලංකා විජිත කුමාර මහතා පවසන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ලේකම්තුමාට එරෙහිව ප්රසිද්ධියේ කතා කිරීම තුළින්ම ඔප්පු වෙනවා අමාත්ය මර්වින් සිල්වාට විනයක් නැති බව. විනයක් නැති කෙනෙක් කැලණියේ තියා මහියංගණයේ සංවිධායක ධුරයටවත් සුදුසු නැහැ යැයි එතුමා පවසා සිටියේය
කැලණිය පෙතියගොඩ ප්රදේශයේ (ඊයේ (8) ප්රධාන හා කුඩා ඇළමාර්ග සුද්ධ කිරීමේ වැඩ සටහනකට එක් වෙමින් ප්රාදේශීය සභා මන්ත්රීවරයා එසේ පැවැසීය.
මොළේ කළඳක්වත් නැති ඇමැතිවරයා දන්නේ නැහැ ඉඩම් ගොඩ කරන්න අවසර දෙන්නේ කවුද කියලා. ඉඩම් ගොඩ කරන්න දෙන්න ප්රාදේශීය සභාවට අයිතියක් නැහැ. අවසර ගන්න රජයේ වෙනම ආයතන කිහිපයක් තියනවා.
මෝඩ ජෝක් වලට කැලණියේ ජනතාව දැන් රැවටෙන්නේ නැහැ යැයි මන්ත්රීවරයා වැඩිදුරටත් පැවැසීය.
අපි වැරදි කරලා නම් අපිට පරීක්ෂණයක් තියන්න. අපි ඒවාට මුහුණ දෙන්න සූදානම්. බොරුවට රැවටෙන ජාතියක් අද කැලණියේ නැහැ. විනයක් නැති කෙනෙකුට සංවිධායක ධුරයක් දෙනවාද කියලා හිතලා බලන්න යැයි ප්රාදේශීය සභා මන්ත්රීවරයා පැවැසීය.




