Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය රිමාන්ඩ්...

සිය මව සපා කෑවේයැයි ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ දියණියක ජුනි මස 03 වැනිදා තෙක් රිමාන්ඩ්  කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය  අද  (20) නියෝග කරනු ලැබීය.

එලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරුනේ රෝහණ විජේවීර මහතාගේ වැඩිමහල් දියණිය දසුන් ඊෂා විජේවීරයි.
තමාට හා පුතාට හිරි හැර කළැයි ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මහත්මිය කළ පැමිණිල්ලක් අනුව ඊෂා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

රෝහණ විජේවීර මහතාගේ බිරිය සහ දරුවන් වැලිසර නාවික හමුදා බාරයේ සිටින බවත් පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනාගෙන් කිහිප දෙනකුටම කලක සිට දියණියගෙන් කරදර  බවට පැමිණිලි කළ බවත් පොලිස් ආරංචි කියයි.

තමා සපා කා සහෝදරයාට ද හිරිහැර කළ බවට පසුගිය 18 වැනිදා රෝහණ විජේවීර මහතාගේ බිරිය මහභාගේ පොලීසියට පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අද  උදෑසන සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් මහභාගේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us